මිට ටිකක කලකට ඉහතදී නදීෂා හේමමාලි නාසීන් මොහොමඩ් නමැති ධනවත් මුස්ලිම් ව්‍යාපාරිකයෙකු සමග ආදර සම්බන්දතාවක් ගොඩනගා අතර පසුගිය කාලයේ විවිධ කටකතා රැසකට මැදි වූ නදීෂා හේමමාලි පසුගිය වසරේ පැවසුවේ තමන් 2013 වසරේ අග බාගයේදී විවාහ වීමට තීරණය කරගෙන සිටින බවයි.
ඇය රූපවාහිනී මාධ්‍ය මගින් ද ඒ බව ප‍්‍රකාශ කළාය. එමෙන්ම ඇයගේ පෙම්වතා ගැනද ඇය ප‍්‍රථම වතාවට රූපවාහිනී සාකච්ජාවකදී පවසා තිබිණි.
ඒ හේතුවෙන් ඇතැම් පිරිස් නදීෂා හලාල් වී ඇතැයි පවසමින් අන්තර්ජාලයේ අදහස් පලකරන ලදී. තවද නදීශාගේ ආදරයෙන් මත්වූ නාසීන් මොහොමඩ්, තම බිරිඳ සහ දරුවන්න්ගෙන් දික්කසාදය ඉල්ලා උසාවියේ නඩු ගොනු කරන ලදී.
එහෙත් නදීෂා ගේ ආදර බලාපොරොත්තු සුණු විසුණු කරමින් ඇයගේ ප්‍රේමය බිදී ගිය බව අපට දැනගන්නට ලැබුණි. කුමන හෝ හේතුවක් මත ඇගේ ආදරය බිදී ගොස් ඇය නැවත single තත්වයට පත්ව ඇත.මේ බව සනාථ කරමින් ඇයගේ ෆේස් බුක් ගිණුමේ ඇය single බව සඳහන් කර ඇත.
මෑත කාලයේදී නදීෂා හේමමාලිද ප්‍රසිද්දියට පත්වුයේ අඩ නිරුවත් ලෙස ඡායාරුප වලට පෙනීසිටීම සහ ධනවත් මුස්ලිම් ව්‍යාපාරිකයෙකු සමග සම්බන්දතාවක් ගොඩනගා ගැනීම තුලිනි.
නදීෂා හේමමාලිගේ කලින් පෙම්වතෙක්ව සිටි මන්ත්‍රී දුමින්ද සිල්වාද ඉකුත් සතියේ ලංකාවට පැමිණියේය..