Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් තායිලන්තයේ සුරුපී ලඳුන් යොදාගන කොල්ලුපිටිය ප්‍රදේශයේ පවත්වාගන යන ගණිකා මධ්‍යස්ථානයකට ගිය මව්බිම මාධ්‍යවේදියෙකු එහි සිදුවන දෑ වීඩියෝ කර තිබුණා.

පැය එකහමාරක කාලයක් සඳහා තායි තරුණියකගේ පහස ලබා ගැනීම සඳහා  අවශ්‍ය වන මුදල රුපියල් 8500කි.
තවද  එහි අපූරු වෙළඳ න්‍යායක් ක්‍රියාත්මක විය. "පළමුව කාමරයට පිවිසෙන්න, පැමිණෙන තරුණිය ඔබට නොපෑහේ නම් තවත් තරුණියක් ඔබට ලැබේ. ඇයද එසේ වේ නම් තවත් තරුණියක්, කිසිදු තරුණියක් නොසෑහේ නම් ලබා ගත් මුදල ස්තුති පූර්වකව ආපසු" 

එම තායි තරුණියන් ගණිකා වෘත්තියේ යොදවන වීඩියෝව පහතින්.



මව්බිමේ සම්පූර්ණ ලිපිය පහතින් කියවන්න

කොල්ලුපිටියේ තායි සල්ලිවලට බායි

ඒ තමයි ඔහුගේ විදිය, තම කම්පනයන් මනා ලෙස පාලනය කරගත් ඔහු සහජයෙන් පැන නඟින ආශාවන්වල වහලෙක් වුණේ නැහැ. අන් හැම කෙනෙක්ම වගේ ඔහු ඒවාට යටත්ව තමන්ගේ ගවේෂණය ආරම්භ කළා. ඔහු සෑම විටදීම කළේ කොරෝනා වඩියක් සප්පායම් වෙමින් ප්‍රේමයේ සහ වෛරයේ සම්භවය පිළිබඳව තමන්ගෙන් විමසා ගැනීම පමණයි.

ඒ සොයා බැලීම ඔහුව හොඳ, නරක, ලස්සන, අවලස්සන, සම සිතින් විඳින්නෙක් බවට පත් කළා. ඩිවානයක් නොමැතිව ගැහැනු මනුස්සයන් මුල් කරගෙන ඔහු කළ පර්යේෂණය සහ පරීක්ෂණාගාරය අතිශයින්ම අපූරුයි. ගැහැනියකගේ සිත පත්ලටම කිමිදෙන්න ඔහු සැබෑ රුසියෙක්. නමුත් ඔහු නොකරන්නේ අවබෝධ කර ගැනීම පමණයි. මනුෂ්‍යයාගේ සංස්කෘතික ජීවිතය පිටුපස්සේ ඍජුව හෝ වක්‍රව තිබෙන ගාමක බලවේගය වන 'රාගය' ඔහු නිසාවෙන් ක්‍රියාශීලී තැනකට රැගෙන ආ අපි සැහැල්ලුවෙන් මුත්, යම් පමණකට ම¾ඩිනා ලද භීතියෙන් ගෙන්දගම් පොළොවේ එක් කෙළවරක් කරා යන ගමන ඇරැඹුවා.

මළ ජූලියයි! සැබෑ ලෙසම අප යන තැන සහ එතැනදි ක්‍රියාත්මක වූ ස්වභාවය සදාචාරයේ කඩතුරාවෙන් වසා දමා, වඩාත් හොඳ, වැදගත් සහ චෝදනා කළ නොහැකි පත්තරකාරයන් වීමට අප අදහස් කරන්නේ නැහැ. (උදාහරණයක් විදියට ගැහැනියක් සමඟ චිත්‍රපටයක් බැලීමට ගොස් බොක්ස් පහසුකම් ලබාගත් සමහර පත්තරකාරයන්ට 'චූ' බර ඇති වෙනවා වගේ) එම නිසා සිදු වූ දෑ එලෙසින්ම මළ ජූලියක් කර නොගන්නා ලෙස අප ප්‍රථමව හැම දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.

සහජ ආශාව, අපේ ගවේෂණයට යොමු කරල තාර පාරට ආපු අපි පාරදිගේ පැමිණියේ කොළඹ නගරයේ මුහුදුබඩ දෙසට යෑම ස¼දහා. කොල්ලුපිටිය කියන්නේ කොල්ලෝ පන්දු ක්‍රීඩාවේ යෙදුණ පිටියක් තිබුණ පැත්තකට කියලා ඉතිහාසය කිව්වට දැන් වෙද්දි ජිල්බෝල ක්‍රීඩා කරන්නවත් ඉඩක් මේ ප්‍රදේශයේ නැහැ. රජයේ ප්‍රධාන මර්මස්ථාන නීතිය නිසි ලෙස ක්‍රියාවේ යොදවනවා යැයි පුරාජේරු ගසන කොල්ලුපිටිය පොලිසිය පෙනෙන සීමාවේ නතර වුණ අපි ගමන සහ එහි බැරෑරුම්කම පිළිබඳ නැවත වරක් සිතීමට උත්සාහ ගත්තේ අවදානම පිළිබඳ නිතර අවදියෙන් සිටිය යුතු නිසා. එතන ජාතියට ඉතිරි කිරීම කියා දෙන ප්‍රධාන බැංකු මූලස්ථානය පිහිටලා තියෙනවා. අප යා යුතු තැනට ඉදිරියෙන් සාමාන්‍ය ප්‍රමාණයේ කොට්ටම්බා ගසක් තියෙනවා. කොට්ටම්බා ගස් සෙවණ යට බතල මුල් කිහිපයක් එහා මෙහාට පිළිවෙලක් නැතුව දුවලා. ඉඩකඩ මදි හින්දම තනි-තනිව පැමිණ ගමනාන්තයක් සොයා යන තනි ත්‍රිරෝද රථයක් ඇරුණම කොට්ටම්බ ගහ යට හිටියේ අපි තුන්දෙනා විතරයි!

පාර මාරු වුණ තැනම අප යා යුතු තැන පිහිටලා තිබුණ. ස්ථානයේ රථ ගාල හැම වෙලාවෙම මුහුදට සමාන්තරයි. මෙතැන ක්‍රියාවේ යොදවා ඇති දැඩි ආරක්ෂක උපක්‍රම සියල්ල අප පරාජය නොකළහොත් ඒවා අපිව පරාජය කර දමනවා නොඅනුමානයි! මූලික විදියට අධිසංවේදී කැමරාව හැසිරවීමේ වගකීම එක් අයෙක් බාර ගත යුතුයි. වගකීම් දැරීම කොන්දේසි විරහිතව මා ප්‍රතිකේෂේප කරද්දි කිසිදු කොන්දේසියක් නොමැතිව මාගේ ගරු කටයුතු මිත්‍රයන් දෙදෙනාගෙන් එක් අයෙක් වගකීම දැරීම බාර ගත්තා. එතැන් සිට ඔහු ඉන්දියාවේ සිට පැමිණි අපේ ව්‍යාපාරික සගයෙක් විදියට නාමකරණය වුණා. රථ ගාල අපූරුයි! පැමිණෙන ගනු-දෙනු කරුවන්ගේ රහසිගත බව රැකීම සඳහා රථගාලට පැමිණෙන රථවල ලියාපදිංචි අංකය තාවකාලිකව වසා දැමීමට ආරක්ෂක අංශ ක්‍රියා කරනවා. රථගාල තුළ ඇති විදුලි සෝපානය නොපමාවී අවශ්‍යතාව සලසා දීම තම අරමුණ යැයි පවසන පරිදි ක්‍රියා කරනවා. ගැහෙන-නොගැහෙන හදවත් ඇති සියල්ලෝම වඩ වඩා උත්සාහ ගත්තේ තමා වෙත පැමිණි ගනු-දෙනුකරුවා තෘප්තිමත් මට්ටමකින් තබා ගැනීමට.

පිළිගැනීමේ නිලධාරිනිය වයස අවුරුදු පනහ සම්පූර්ණ කළ චීන ජාතික කාන්තාවක්. ඇය කිසිසේත් මටසිලුටු එකියක් නොවෙයි. එක දිගට වැර වීරියෙන් පවත්වාගෙන ආ ශරීරයක් මිස ඇයට අන් අය හඳුනාගත හැකි සිතක් නොමැති හැඩයි! පැමිණෙන ගනු-දෙනුකරුවෝ සිය අරමුණ එතැනදි පහසුවෙන් සහ සරලව පවසා සිටිය යුතුයි.
මට ලස්සන ඇඟක් තියෙන තායි කෙල්ලෙක් ඕනෑ.
සල්ලි ගෙවන්න ! ඔබගේ අවශ්‍යතා ඉටු කිරීම අපට සතුටක්!

එම එකඟතාව තමයි මෙතැනදි මූලික යාන්ත්‍රණය. පිළිගැනීමේ නිලධාරිනිය රැඳී සිටින ස්ථානයේ ඇයගේ සහාය සඳහා මෙරට පුද්ගලයෙක් රැඳී සිටිනවා. නමුත් සැබෑ ලෙස තීන්දු-තීරණ ගන්නේ චීන ජාතික පාලිකාව. අපගේ ගමන් සහකරු පැමිණීමට ප්‍රථම දුරකතන මාර්ගයෙන් ඇයව දැනුම්වත් කර තිබුණා. ඔවුන් අතර සංවාදය මුදල් දුටු විගස අවසන් වන බව දැනගත් මම ඔවුන් ඉදිරියේ එකල මෙකල වී ඉඩ ලද සැණින් ඔවුන් පසු කිරීමට උත්සාහ ගත්තා. උත්සාහය සාර්ථකයි. පටු කොරිඩෝවට මුහුණලා කාමර 9ක්. එක් කාමරයක් විවෘත වෙන්නේ පැය එකහමාරකට වරක්.

ඉන් පිටතට පැමිණෙන්නේ බොහෝ විඩාබර මැලවුණු දෑසක් ඇති තායි තරුණියක්. රෙදි පොට්ටනියක් කිහිල්ලේ ගසා ගෙන විශාල අපුලක් ඇතිව පැමිණෙන ඇය පාලිකාව ඉදිරියේ තිබෙන කුඩා වීදුරු භාජනයට යමක් සටහන් කළ කොළ කැබැල්ලක් දමනවා. උපකල්පනය නිවැරැදි නම් ඒ තමාගේ එක් ගනුදෙනුවක් අවසන් බව සටහන් කළ ප්‍රකාශනයක් විය යුතුයි. නිශ්ශබ්දතාව බිඳගෙන විටකදී කාමර තුළින් නොපැහැදිලි රැවුම් ගෙරවුම් සහ ශෝකාලාප හඬා වැටීම් ඇසෙන්නට ගන්නවා. ඇසෙන ශබ්දයේ වර්ගඵලය හඳුනාගන්නා පාලිකාව, එයට සවන් දී තීරණය කරනවා තමාගේ මැදිහත් වීම කොයි ආකාරයට සිදු කළ යුතු බව. ඇය රළු පරොළු විනීතකමකින් ‍ෙදාරට තට්ටුකර එය විවෘත කර ගන්න උත්සාහ දරනවා! එම උත්සාහයේ අවසානය කාමරය තුළින් ඇසෙන ශබ්දය පහව යෑම.

කාමරයක් විවෘත වන අවස්ථාවක් පාසා ඒ තුළින් එළියට එන්නේ පෙර කිව්ව විදියට විඩාබර ගතියකින් පෙළෙන දෑස් ඇත්තියක්. අවාසනාවක මහත ! ශබ්ද රාශියක් ඇසුණ කාමරයක්! තට්ටු කළත් ‍ෙදාර විවෘත නොවූ කාමරයක් අප පැමිණි විටත් එහි තිබුණා. කාමරයේ ශබ්දය එන්න එන්නම උච්ච වෙනවා. ඒත් අසාමාන්‍ය නිශ්ශබ්දතාවක් රජ කරනවා. අප මැදිහත් වුණා. නීතියේ ආධිපත්‍ය ගරු කරන පිරිසක් බවට රූපණය වූ අප එයට වහා මැදිහත් වන්න යැයි පාලිකාවට සහ එහි පැමිණි කළමනාකරුවන් බලපෑම් කළා. අපගේ බලකිරීම ඇතුළාන්තයේ ඛේදජනකයි. නීති කඩා සතුටු වීමට පැමිණි පිරිසක් නැවත වරක් අවට සමාජයෙන් නීති පිළිගන්න යැයි ඉල්ලා සිටිනවා.

කාමරයේ ‍ෙදාර විවෘත වුණා නෙමෙයි විවෘත කළා. එසැණින් පූර්ණ නිරුවත ප්‍රදර්ශනය කළ බුහුටි තරුණියක් එතුළින් දිව ආවා. උත්ප්‍රාසය ඇය පිළිසරණ පැතුවේ පාලිකාවගෙන් නෙවෙයි. ආගන්තුකයන් වූ අපගෙන්. පාලිකාව දැන් පාලනය කරන්නේ අප කියා නොදන්නා මෙම තරුණිය අපට පසක් කරන්නේ පාලිකාව ඇයව නැවත වරක් එම කාමරයට ගාල් කිරීමට සූදානම් බවයි. මඳ නිහඬ බවක් මැදින් කාමරයෙන් එළියට පැමිණියේ සුරාව මඟින් පාලනය වන කුළෑටි පුද්ගලයෙක්. බැලූ බැල්මට ඔහු අහිංසකයෙක් යැයි ඔබට සිතේවි. නිරුවතින් සිටි තරුණිය රෙදි කඩකින් යම් ආවරණයක් ලබා තිබුණද අහිංසක පෙනුමක් ඇති තරුණයා කෙතරම් නරුමයෙක් දැයි කියා පෑමට නොවුණත් ඇය තම ශරීරයේ යම් යම් අවයව පිරික්සමින් සිටියේ.

පාලිකාව තරුණයාගෙන් කිසිවක් නොවිමසා තරුණියට පිටව ගොස් කෙටි විවේකයක් ලබා ගන්න යැයි උපදෙස් දුන්නා. තරුණයාට ඇය දෙවනුව කීවේ ඔන්ලි මසාජ්. නෝ අදර් වන්' කියලා. තරුණයා නැවත වරක් කාමරයට පිවිසුණා. පාලිකාවගේ උපදෙස් මත පිරිමියෙක්ද- ගැහැනියෙක්ද? කියා තීරණය කිරීමට අපහසු ගැහැනියක් එම කාමරයේ ‍ෙදාර වසා ගත්තේ ඕ.කේ. අයි විල් මැනේජ් කියමින්.
හරි අපූරුවට වෙළෙදාම මත පිහිටා නීතිය ක්‍රියාත්මක වුණා. අසහනකාරිත්වය පලවා හැරීම සඳහා මම රෙඩ් බුල් එකක් පානය කළා. අනික් දෙදෙනා පැණි බීම!

කාමරයේ කලබැගෑනියට මැදිහත් වුණාට පස්සේ අපිට යම් පිළිගැනීමක් ලැබී තිබුණා. නමුත් මෙවැනි තැනක පිළිගැනීම යනු සට කපටකමක් බව තේරුම් ගත්තේ අප වෙන් කරවාගත් කාමර ඒ කලබැගෑනිය අවු අස්සේම වෙනත් කීප දෙනෙක්ට වෙන්කර දී තිබුණ නිසා. තුන් ඇදුරු කණ්ඩායමේ නායකත්වය ගත්ත අපේ කෙනා කිසි විටකදී පැරද්දවිය හැකි පුද්ගලයෙක් නොවුණේ පරාජය බාර ගැනීම පිළිබඳ දැඩි පසුතැවිල්ලක් ඔහු තුළ තිබෙන නිසා. නොයෙකුත් කතාබහ අතරේ චීන ජාතික පාලිකාව අපට තවත් කාමර 3ක් ලබා දීමට උත්සුක වුණා.

ඇය ලබාදුන් කාමර ලබා ගැනීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කළ අප සගයා ඔහුගේ අදහසේ එක දිගට සිටීමට උත්සාහය. අවසන දෙපාර්ශ්වයම අඩිය අඩිය පිටුපසට පැමිණියා. එලෙස වීමට කරුණු කීපයක් බලපෑවා. පළමු කරුණ තරුණියන් සොයා එක දිගටම තරුණ පිරිස් පැමිණීම. දෙවැන්න අප මඟහැර සිටීමට පාලිකාවට නොහැකි වීම. තායි තරුණියකගේ සම්බාහනය ලබා ගැනීම සඳහා පැය එකහාරමක කාලයක් සඳහා අවශ්‍ය වන මුදල රුපියල් 8500ක්. අයෙක් දුරකතන මාර්ගයෙන් තමන්ට ඇවැසි කාමරය වෙන්කරවා ගත හැකියි. පළමුව කාමරයට පිවිසෙන්න, පැමිණෙන තරුණිය ඔබට නොපෑහේ නම් තවත් තරුණියක් ඇයද එසේ වේ නම් තවත්.... තරුණියක්, කිසිදු තරුණියක් නොසෑහේ නම් ලබා ගත් මුදල ස්තුතිපූර්වකව ආපසු.

මේ වගේ මල ජූලි වෙළෙඳ න්‍යායක් මෙතැන ක්‍රියාත්මක වෙනවා. එය වෙළෙඳ න්‍යායක් ලෙස පෙන්වා දුන්නේ පැමිණි අයෙක් කිසිවිටෙක ප්‍රථමව තරුණියක් ප්‍රතික්ෂේප කළද දෙවනුව එලෙස නොකරන බව පාලිකාව මැනවින් දන්නා නිසා.
පටු කොරිඩෝව කාමර 9ක ‍ෙදාරවල් දෙස බලා සිටිනවා. කොරිඩෝව ආරම්භයේ ඇති වොල්ට් 100 බල්බය. තමාට ඉහළින් ඇති බඳුනේ ලු, තෙල් මිශ්‍රණය යම් පමණකට රත් කර සැබෑ සුගන්ධයක් දසත පතුරවා යවනවා. සලිත වූ සිත් තවත් ව්‍යාකූල කර දැමීමේ මනෝ මූලික මෙහෙයුමක් ක්‍රියාත්මක වී තිබියදී තමයි අයෙක් වෙන් කරගත් කාමරයට පිවිසිය යුත්තේ.

අප තිදෙනා ක්‍රියාත්මක වුණා. අති සංවේදී ලෙස සිදුවන සියල්ල ග්‍රහණය කර ගත හැකි අපේ කැමරාව ක්‍රියාත්මකයි. අප කාමර කරා පැමිණියා.
කුඩා වූත් සිත් ඇදගන්නා කාමරය සහ එහි ඇති ආයිත්තම් කාමරය හිමි තරුණිය පිළිබඳ නිහඬ සාක්ෂියක්. කාමරයේ එක් කොටසක සම්බාහන ඇඳ. අනෙක් කොටසේ කුඩා ප්‍රමාණයේ නාන තටාකයක්. මල්වලින් අලංකාර කර තිබූ සම්බාහන ඇඳ නිසාවෙන් පැමිණීමට නියමිත තරුණිය කෙබඳු එකියක දැයි අනුමාන කර ගැනීමට පහසු වුණා.

ඇය පැමිණියා. සැබෑ ලෙසම විලාසිතා ලෝලි රෝමානු ආර්යාවක් බලාපොරොත්තුවෙන් සිටි මා වික්ෂිප්ත කරමින් පැමිණ සිටියේ නොකිලිටි පිවිතුරුභාවයේ ප්‍රතිරූපයට වෛර කිරීමට තැත් දරන අන්දමේ තරුණියක්. නමුත් ඇය සැබෑ දුඹුරු කෙස් ඇත්තියක්. රෝම ශිෂ්ටාචාරයේ එක් විටකදී සැබෑ දුඹුරු කෙස් ඇත්තියක් සුර දූතිකාවක ලෙසත්, ව්‍යාජ දුඹුරු කෙස් ඇත්තියක් අනියම් ලිංගික සම්බන්ධතා ඇත්තියක් ලෙසත් වර්ග කර තිබීම පිළිබඳ අදහස මගේ සිතට නැඟුණා. ඕ බොහෝ ලෙස නිහඬ චරිතයක්. පැහැදිලිව ඇය දෙස බැලීමට ගත් සියලු උත්සාහයන් ව්‍යර්ථ කරමින් එය සංකීර්ණ සහ වඩා වෙහෙසකර උත්සාහයක් දක්වා රැගෙන යෑමට ඇය සමත් වුණා. තායි භාෂාවේ ප්‍රධාන භූමිකාවක් ඉටුකරන නළල් තලය සොයා ගැනීම නොහැකි වුණේ අපූරු අකීකරු කෙස් රොදවල් කිහිපයකින් ඇය සිය නළලත සඟවාගෙන ඇති නිසා.

ඇය පැමිණ සිය කුටියේ වූ නාන තටාකයට යෑමට කළ ගරු කටයුතු ඉල්ලීමත් සමඟ හැකිළුණු රේඛාවන් මෙන්ම ඇහිබැම එසැවීමෙන් හටගන්නා ආරුක්කු හැඩැති රැලිද සමඟ ඇයගේ මුහුණ විවෘත වුණා. විශ්මයක ! ශෝචනීයත්වයක මහත ! ඇය එම තරුණිය. විනාඩි කිහිපයක පෙරාතුව පිළිසරණ පතා අප පසු පස සැඟවුණු ඇය තවත් විනාඩි කිහිපයක ඇවෑමෙන් නැවත මා ඉදිරිපිට.

මනුෂ්‍යයන්ට පමණක් හිමි වූ දෙතොල් පිටත නෙරීම නම් සාධකය සමඟ ගැළපෙන විට ඇය හඳුනාගත් බවත් වඩ වඩා විළිබර වන බවත් තේරුම් ගැනීමට හැකි වුණා. වියලී ගිය දෙතොල් ප්ලාස්ටික් වතුර බෝතලයකින් තෙමා ගත් ඇය සම්බාහනය සඳහා මා සූදානම් දැයි ඇසුවා. කිසිදු පිළිතුරක් නොමැති කල ඇය සිය උඩුකය වසා තිබූ තන පට ගලවා දමා තනි අතින් අත්පුඩි ගැසීමට සැරසුණා.

ස්ත්‍රී පියයුරුවල සංකේතාත්ම දෙයක් වේ නම් එය ලිංගික හෝ මාතෘමය ලෙස ගත් මම, වඩ වඩා මාතෘත්වය නම් අරුතින් සියලු සිහිකිරීම් කිරීමට මොළය වෙත විධිවිධාන සැපයුවා. විනාඩි කිහිපයකට පෙර ඇය සිටි කාමර තුළ සිදු වූ දෑ විමසීමට වෙහෙසුණා. තරුණියගේ ඉංගී්‍රසි භාෂා උච්චාරණය බොහෝ විට ලිංගික උත්තේජනයක් බඳුයි. තේරුම් ගත හැකි අභිනයන් සමඟින් ඇය මා සමඟ වචන හුවමාරු කරගත්තා.

සෑබෑ ලෙසම ඇය මියගිය එකියක්. ඇයගේ ආත්මය මිය ගොස් තිබුණේ ශ්‍රී ලංකාවට මාස 6ක සංචාරක වීසා මත පැමිණීමට අවුරුදු කිහිපයකට පෙරාතුව. ඒ බැංකොක් නගරයේ එක් අඳුරු වීදියකදී. තන පුඩුව වටා ඇති තන මඬල බොහෝ විට මනුෂ්‍ය විෂයේ කුතුහලයට ලක් වෙනවා. එය විචිකිච්චාවක්. මම බොහෝ සේ පරිස්සම්ශීලී වුණා. ඉතිහාසය කාන්තා පියයුරුවලට සිත් ගන්නාසුළු නාමයන් 74ක් පමණ ලබා දීම අසාධාරණ නොවන්නක්, කියුපිඩික් තෙටිල්ඩුමික් (මල් සරාගේ දවුල හෝ බෙර) මූන්ස් ඔෆ් පැරඩයිස් (පරාදීසයක චන්ද්‍රයන්) කොයි ලෙසකවත් එම නාමයන් ඇයට සමාන කළ නොහැකියි. සියුමැලි කයට සරිලන ලෙස ඇයගේ පියයුරු සැකසී නැහැ. එය අනේක විධ වධ බන්ධනවල ප්‍රකාශනික සටහනක්. දත්, නිය, තැළුම් පහරවල් පියයුරුවලට ගෙන දී තිබුණේ චන්ද්‍රයාගේ ආවාට වැනි ස්වභාවයක්. මගේ සොයා බැලීම් සහ විශ්මය හැඳිනගත් ඇය වඩාත් විළිබර වී 'බොඩි ටූ බොඩි ටච් මයි බේ‍රස්ට්' කියා වචන අහුලා තායි සම්බාහන ක්‍රමය මූලිකව පියයුරු මඟින් සිදු කිරීමක් බව කියා පාන්න අසරණ උත්සාහයක් ගත්තා.

අසරණ දනන්ගේ නෙතිත් ඇද හැලෙන කඳුළැල්ලන් පිළිබඳ වගකීමක් ඔබට දැරිය නොහැකි නම් ඒ කඳුළැල්ල සදාකාලිකව ඔබ හද පත්ලේ සඟවා තබා ගන්න යැයි සිතත්ම ඇය සිය නෙත් කෙවෙනි බො¼ද කිරීම ආරම්භ කරලා. මම ඉතිහාසයට ගියා එයත් කටුකයි. අද දවස නොඅසා අනාගතයට ගියා. අද කියා දවසක් නැති ඇය හෙටට හිනා වුණා. මෙම තායි ගණිකා මඬම තුළ ඇය නම් ලද ඇත්තේ ......... ලෙසයි.

බැංකොක්, ඇය උපන් පුරවරය. වයස අවුරුදු 22කට නොඅඩුයි. ඇයව ආනයනය කර ඇත්තේ මාස 6ක සේවා කාලයකට. එම කාලය තුළ ඇය එක් දිනකට පිරිමි 11 දෙනෙක්ට වගකිව යුතුයි (සැබැවින්ම පිරිමින් 11 දෙනෙක් ඇයට වගකීම) එක් පිරිමියෙක් රුපියල් 8500ක් වියදම් කරන විට ඇයට ලැබෙන්නේ 2000යි. ඒ සඳහා ඇය උදෑසන 11සිට අලුයම 4 දක්වා පැමිණෙන පිරිමින්ගේ අවශ්‍යතා සැපිරිය යුතුයි. සම්බාහනය පිළිබඳ ඇය දන්න මළ ඉලව්වක් නැහැ. ලිංගිකව ඇයගෙන් අවශ්‍යතා ඉටු කර ගත හැක්කේ අමෙරිකානු ඩොලර් අත ඇත්නම් පමණයි. ඩොලර් කියාපාන්නේ ඒවා අත ඇත්තා ලාංකිකයෙක් නොවන බව. පාලිකාව යම් හඳුන්වා දීමක් සිදුකර ඇතුළු කරන ඕනෑම පුරුෂයෙක් සඳහා පැකිළීමකින් තොරව ඇය අවනත විය යුතුයි.

පැමිණෙන පිරිමි දහදෙනෙක් සඳහා පමණ ඇය ගණිකාවක් විය යුතුයි. ඇය පවසන ලෙස මාසයේ ප්‍රථම සතිය තුළ එකම පුද්ගලයා දහ දොළොස් වතාව ඇය සොයා පැමිණ තිබේලු! මෙම මළ ජූලියේ හිමිකරු කොරියන් ජාතිකයෙක්. සෑම ගනුදෙනුවක්ම අවසානයේ මුදල් බැර වෙන්නේ කොරියානු ගිණුමකට. ඇය කීවේ තායි කියා හඳුන්වන චීන ජාතික ළඳුන්ද බොහෝ සේ මෙම ස්ථානයේ සේවය කරනවා කියන එක. මේ ප්‍රදේශය භාර පොලිසියේ ලොකු අය නිතර පැමිණෙන නිසා මෙම තායි ගණිකා නිවාසය ආරක්ෂිත යැයි බොහෝ දෙනා සිතනවා.

ඇය කියන්නේ ඔබලාගේ මෝඩ මිනිස්සු දුක් මහන්සි වෙලා හරි හම්බ කරන සල්ලි අපි තායිලන්තයට, කොරියාවට අරගෙන යනවා. ඇයි පිරිමි අපිව හොයාගෙන එන්නේ වගේ කතාවක්! පැමිණෙන ක්‍රියාශීලී, සහ ක්‍රියාශීලී නොවන සෑම පිරිමියෙක්ම ඇයගේ භෞතික ශරීරය මත තැබූ සටහන් ඇය පෙන්වා සිටියා. තම වීසා කාලය තව ............... අහවර වූ පසු නැවත බැංකොක් යන බවත්, පැමිණ සිටින 9 දෙනාගේ අඩුව සපිරීම සඳහා නව තරුණියන් රැගෙන ඒම සඳහා මළ ජූලියේ පාලනාධිකාරිය බැංකොක් වෙත ගොස් තිබෙනවා. අලුත් 9 දෙනාත් රැගෙන ඉදිරි .................. තුළ ඔවුන් පැමිණීමට නියමිත බවත් ඇය පැවැසුවා. (කෙටි ඉරිවල සැඟවුණ අරුත ඇයගේ ආරක්ෂාව)

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us