Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

19 March 2013 03:53
මැරයන් සමඟ ගොස් පහර දීලා..

ඝාතනයට ලක්වූ භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය බොරැල්ල පොලිසිය විසින් අද (19) පස්වරුවේ අත්අඩංගුවට ගෙන මීට සුළු මොහොතකට පෙර පොලිස් ඇපමත මුදා හැර ඇතැයි වාර්තා වේ.

හිරුණිකා අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරැල්ලේ, කිංසි පාරේ, අංක 175 දරන ස්ථානයේ පිහිටි කඩකාමරයක සිටි පිරිසක් බලහත්කාරයෙන් එළියට ඇද දැමීමට ගත් උත්සාහයක් හේතුවෙනි.
එම කඩකාමරය දැනට ධම්මික ප්‍රසාද් නැමැත්තෙකු විසින් පවත්වාගෙන යන අතර හිරුණිකා විසින් ඔවුන් ඉවත්කිරීමට උත්සාහ කර ඇත්තේ එම කඩ කාමරය සිය පියාට අයත් බව පවසමින්.

බොරැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට පත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් ඇප මත අද සවස් කාලයේදී මුදාහැර තිබෙනවා.

මීට පෙරද මෙවැනිම සිද්ධියක් සම්බන්ධයෙන් හිරුණිකාගේ මවටද චෝදනා එල්ලවී තිබිනි.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us