Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

වෛරයෙන් වෛරය සංසිදෙන්නේ නැත
මම ඔබට අනුකම්පා කරමි
රනිල් සිරසට කියලා

රනිල් මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලින් පලායයි..

එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රතිපත්තිය කුමක්දැයි 'සිරස' මාධ්‍ය ජාලයේ මාධ්‍යවේදී ගයාන් සම්පත් මහතා ඊයේ (18දා) පෙරවරුවේ රාජගිරියේ පැවැති මාධ්‍ය හමුවේදී එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් විමසූ අවස්ථාවේ

සාකච්ඡාවෙන් පසුව පිළිතුරු දෙන බව පවසා සාකච්ඡාව අවසානයේ 'සිරස' මාධ්‍ය ආයතනයට දෝෂාරෝපණය කරමින් මාධ්‍ය හමුවෙන් ඉවත්ව ගියේය.
'සිරස' මාධ්‍යවේදියා ප්‍රශ්නය අසා නිම වීමටත් පෙර උස් හඩින් ඔහු ඇමැතූ වික්‍රමසිංහ මහතා ' ඔබතුමා මෙතැන කරදර කරන්න එපා. මේ සාකච්ඡාව පාලනය කරන්නේ මමයි. මේ සාකච්ඡාවෙන් පසුව මම උත්තර දෙන්නම් ගයාන් සම්පත් කරුණා කරලා විනයක් ඇතිව වැඩකරන්න යැයි උරණ වූ ස්වභාවයකින් පැවැසුවේය.

විපක්ෂයේ විරෝධතා ව්‍යාපාරයේ සෙසු පක්ෂ නායකයන් අදහස් දැක්වීමෙන් පසු ඔහු ඇමැතූ වික්‍රමසිංහ මහතා 'ගයාන් සම්පත් හදිස්සි වෙන්න එපා. මම කියන්නම් ඉන්න. මේක වැදගත් සාකච්ඡාවක්. ඒත් ආණ්ඩුවේ මාධ්‍යවල මයික් මෙතැන නෑ. රූපවාහිනියෙයි, අයි.ටී.එන්. එකෙයි කැමරා මෙතැන නෑ. මත්තලට වැඩිය ජිනීවා ප්‍රශ්නය වැදගත්. ආණ්ඩුවේ කැමරා නැතුවට මෙතැන 'සිරස' කැමරා දෙකක් තියෙනවා. (පැමිණීමේ ලේඛනය බලා නම් පවසයි.) ගැටේ ගහන කොට හරියට ගැටේ ගහන්න දැනගන්න.

මාධ්‍යයට ඕන විදියට මෙතැන වැඩ කරන්න එපා. ගයාන් මම ඔයාට වෛර කරන්නේ නැහැ. ටිකක් ඉවසලා ඉන්න. එන්න මෙතෙනට.' කියමින් මයික් ගලවා පෙන්වමින් එජාප නායකයා යමක් පවසා එම ස්ථානයෙන් ඉවත්ව ගියේය.

මෙම අවස්ථාවේ රනිල් යළි වාඩිවී සිරස විවේචනය කරමින් කියා සිටියේ තමාගේ අඩුපාඩු බලන්නට සිරසින් කැමරා දෙකක් එම ආවරණයට යොදවා ඇති බවත් මේ ආකාරයට ගැට දමමින් වැඩ කළොත් ඉදිරියට සිරස නිවුස් වලට රේටීන්ග්ස් තවත් අඩුවනු ඇති බවත්ය. එතන තිබුණ හිරු ටීවී ස්වර්ණවාහිනී මයික් ඔසවමින් ඒවා දැන් සිරස නිවුස් රේටින්ග්ස් අභිබවා ගොස් ඇති බවත් කියමින් රනිල් ඒ බව පැහැදිලි කරා.

තමාට එරෙහිව සිරසේ කිලී මහරාජාගේ වෛරය තමාට පෙන්වන්නට එපා යයිද වෛරයෙන් වෛරය සංසිදෙන්නේ නැති බවද තමා ඒවාට අනුකම්පා කරන බවද රනිල් කියා සිටියා.

රනිල්ගේ මයික් සෙල්ලමේ වීඩියෝව හිරු ටීවී පෙන්වූ ආකාරය පහතින්



Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us