Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

බේරුවල බස් - දුම්රිය අනතුරකින් 34 කට තුවාල..
4 කට බරපතළයි...

බේරුවල - රොක්ලන්ඞ් අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී බස් රථයක් දුම්රියක ගැටීමෙන් සිදුවූ අනතුරින් බරපතළ තුවාල ලැබූ සිව්දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එහි ප‍්‍රකාශිකාවක් සඳහන් කළේ ඔවුන් සිව්දෙනා මේ වන විට දැඩිසත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන බවයි...එම සිව්දෙනාගේ තත්ත්වය තරමක් බරපතළ බවයි ඇය ප‍්‍රකාශ කළේ.
ඊයේ රාත‍්‍රී මෙම අනතුර සිදුවූයේ බේරුවල මග්ගොන රොක්ලන්ඞ් හන්දිය අසලදීයි. කොළඹ සිට ගාල්ල දෙසට ධාවනය වූ දුම්රියක පෞද්ගලික බස් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුවුණා. එහිදී තුවාල ලැබූ සංඛ්‍යාව 28ක්. ඉන් 24 දෙනෙකු තවදුරටත් කළුතර නාගොඩ රෝහලේ ප‍්‍රතිකාර ලබන බවයි. තුවාල ලැබූ සියලූදෙනා පිරිමි පුද්ගලයන් බව රෝහල් ආරංචි මාර්ග සදහන් කළා.

මෙම අනතුරට ලක්ව ඇත්තේ මහනුවර සිට අකුරැස්සේ පැවති අවමගුල් උත්සවයකට සහභාගි වී යළි එමින් සිටි මහනුවර අලදෙණිය ප‍්‍රදේශයේ පිරිසක්.බස් රථ දෙකකින් පැමිණ ඇති මෙම කණ්ඩායමේ සිටි පිරිමි පුද්ගලයන් සියලූදෙනා පසුව එක් බස් රථයකින් ගමන් කර තිබෙනවා. ඒ බේරුවල මාගල්කන්ද ප‍්‍රදේශයේ පිහිටි ඥාති නිවසකට යාම සඳහායි. අනතුරට ලක්වූයේ එම බස් රථයයි. ඒ අවස්ථාවේ එහි 40කට ආසන්න පිරිසක් රැඳීසිට තිබෙනවා. කාන්තාවන් රැගත් බස් රථය අධිවේගී මාර්ගය ඔස්සේ ගමන් කර ඇති බව සඳහන් කළා.

මෙම අනතුර සිදුව ඇත්තේ රොක්ලන්ඞ් හන්දිය අසල ඇති අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදීයි. මේ පිළිබඳ සොයාබැලීම සඳහා බේරුවල පොලිසිය විශේෂ විමර්ශනයක් ද ආරම්භ කර තිබෙනවා.
මේ අතර ප‍්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා ද ඊයේ රාත‍්‍රියේ අනතුර සිදුවූ ප‍්‍රදේශය නිරීක්ෂණය කළා. අමාත්‍යවරයා එහිදී ප‍්‍රකාශ කළේ රොක්ලන්ඞ් හන්දිය ප‍්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයට ආරක්ෂිත ගේට්ටුවක් කඩිනමින් සවිකරන බවයි.





Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us