Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

නගර සභා භූමියේ කලබලයක්..

මොරටුව භික්ෂු ඝාතනයේ සැකකරුවෙකු වන උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාර මහතා නගර සභා රැස්වීමට සහභාගි වීමට පැමිණීම නිසා මොරටුව මහනගර සභාවේ අද උදෑසන නොසන්සුන්තාවක් ඇතිවී තිබෙනවා..

දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ඒ මහතා එම මහනගර සභාව වෙත පැමිණියේ බන්ධනාගාර ආරක්ෂාව යටතේ බන්ධනාගාර බස් රියකින්.

භික්ෂුන් වහන්සේ ඇතුළු විශාල පිරිසක් සැකකාර උපනගරාධිපතිවරයාට නගර සභා රැස්වීමට සහභාගීවීමට ඉඩදීමට විරෝධය පළකර සිටියා...


උද්ගත වූ නොසන්සුන්කාරී වාතාවරණය යටතේ ඔහු බන්ධනාගාර රියෙන්ම යළි රැගෙන යන ලදී.

සුනන්දෝපනන්දාරාම විහාරාධිපති හිමිනමගේ ඝාතනයේ සැකකරු‍වෙකු වන මොරටුව උපනගරාධිපති සුජිත් පුෂ්පකුමාර මහතා රිමාන්ඩ් භාරයේ සිටියි. සැකකාර උප නගරාධිපතිවරයා රැගත් බන්ධනාගාර බස් රථය නගර සභා භූමියට ඇතුළත් කළ අවස්ථාවේදී එම ස්ථානයේ රැස්ව සිටි භික්ෂුන් වහන්සේ ඇතුළු විශාල පිරිසක් උප නගරාධිපතිවරයාට බසයෙන් බැසීමට ඉඩ නොදී විරෝධතාවයේ නිරත වූ බව පොලීසිය කියයි.

උප නගරාධිපතිවරයාට සහය පළ කළ පිරිසක් ද එම ස්ථානයේ සිටි නමුත් ඇති වු නොසන්සුන්කාරී වාතාවරණය යටතේ සැකකාර උප නගරාධිපතිවරයා බන්ධනාගාර බස් රියෙන්ම යළි රැගෙන ගොස් තිබේ. මෙම උණුසුම් තත්ත්වය හමුවේ නගර සභා රැස්වීම ද අද නියමිත වේලාවට ආරම්භ කිරීමට හැකි වී නැතැයි අනාවරණය වේ.

මොරටුව එගොඩ උයන සුනන්දෝපනන්ද විහාරාධිපති මැටිගහතැන්නේ විමලවංශ නාහිමියෝ ආයුධ සන්නද්ධ සාහසිකයන් පිරිසක් විසින් පසුගිය පෙබරවාරී මස 02 වැනිදා රාත්‍රී කපා කොටා ඝාතනය කර තිබුණි. ඝාතනයට ලක් වන විට උන් වහන්සේ 46 වැනි වියේ පසුවිය.

ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් මොරටුව පොලීසියට පැමණිල්ලක් කර ආපසු පැමිණෙමින් සිටියදී බෝධිය හා බුදු මැදුර අසළ සැඟවී සිට ඇති ඝාතකයින් කිහිප දෙනෙකු විහාරස්ථාන බෝමළුව ඉදිරිපිටදී එදින රාත‍්‍රී 9.30ට පමණ මෙම ඝාතනය සිදු කර තිබුණි. ඝාතනයට ප‍්‍රාදේශීය දේශපාලඥයෙක් සම්බන්ධ බවට තොරතුරු වාර්තා වූ අතර ඒ අනුව සැකපිට මොරටුව උප නගරාධිපතිවරයා ද පසුදින සවස අත්අඩංගුවට ගැනිණ.

සිද්ධිය සම්බන්ධ පෙර වාර්තාව මෙතැනින්


Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us