Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

පෙම්වතිය මැරූ සෙබළා ගෙලවැලලාගෙන !

ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන යාමට අකමැති වූ තරුණියගේ ගෙල කපා මරා ගෙල වැළලා ගැනීමට තැත් කළ පෙම්වතකු පන්නල පොලිසිය මඟින් ඊයේ (29) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ ඝාතනය කර ඇත්තේ පන්නල කූඩලුපොත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි විසිපස් හැවිරිදි රසිකා චතුරංගනී නැමැති රජයේ නව උපාධිධාරී රැකියාපත්වීම් ලැබූ තරුණියකි.
සැකකාර තරුණයා යුද හමුදාවේ සපුගස්කන්ද කඳවුරට අනුයුක්තව සේවය කරන අයකු වන අතර නිවාඩු

ලබා පැමිණ අපරාධය සිදු කර තිබෙන බවට අනාවරණ‍ය වී ඇතැයි පොලිසිය පවසයි.
මිය ගිය තැනැත්තිය පන්නල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පත්වීම් ලබා ප්‍රාදේශීය සභාවට අනුයුක්තව සේවය කරමින් සිට ඇත. අත්අඩංගුවට ගත් තරුණයා සිද්ධිය වූ දින උදේ ඇය ගමන්කළ මාර්ගයේ රැක සිට ඝාතනය කර අසල ගසක එල්ලීමට තැත් කර ඇති බව පොලිසිය කීයයි.

අසල්වාසීන් කඹය කපා තරුණයා බේරාගෙන පොලිසියට බාරදීමෙන් පසු රෝහල් ගත කර තිබේ. මිය ගිය තරුණිය ඊයේ (29) උදේ රැකියාවට යාම සඳහා නිවසින් පිටව අතුරු මාර්ගයක ගමන් කරමින් සිට ඇත.
ඇගේ නිවසේ සිට මීටර් සියයක පමණ දුරක් බස් මාර්ගයට පැමිණීමට මෙසේ එමින් සිටියදී සැකකාර තරුණයා මහමග රැඳී සිට මෙම අපරාධය සිදු කර ඇති බවට අනාවරණය වී තිබේ. උදේ 7.30ට පන්නලට ගමන් කරන බසය වෙත ඇය එමින් සිට ඇත.

මේ දෙදෙනාම අසල්වැසියන් වන අතර තරුණයා තරුණියට පිහියෙන් ඇන ඇය බිම වැටුණු පසු අසල තාප්පයකට නැග ගෙවත්තක පිහිටි අඹ ගසකට නැගී අත්තකට කඹයක් දමා එල්ලීමට තැත් කර ඇත. ඒ බව ගෙහිමියන් දැක සැකකරුව බේරාගෙන තිබෙන බව පොලිසිය සඳහන් කරයි.

මෙම තරුණයා තරුණියගේ ආදරය පතා ඇය පසුපස කලක සිට ආවද ඊට ඇය අකමැතිව සිටි බව මිය ගිය තැනැත්තියගේ මව්පියන් පොලිසියට කට උත්තරයක් ලබාදෙමින් ප්‍රකාශ කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකාර තරුණයා ප්‍රතිකාර සඳහා කුලියාපිටිය රෝහලට ඇතුළු කිරීමට රැගෙන යන විටත් ගෙල කපා පිහියෙන්ද ඇන බරපතළ තුවාල ලබා සිටි තරුණියද කුලියාපිටිය රෝහලට ඇතුළු කිරීමට රැගෙන යන විටත් ඇය මිය ගොස් සිටි බව පොලිසිය කීයයි.

සිද්ධිය පිළිබඳ කුලියාපිටිය සහකාර පොලිස් අධිකාරි කීර්ති බණ්ඩාර මහතාගේ උපදෙස් මත පන්නල පොලිසියේ වැ.බ. ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුනිල් විතාන, අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සිල්වා හා උප පොලිස් පරීක්ෂක මිනුවන්ගොඩ මහත්වරු පරීක්ෂණ පවත්වති.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us