Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

අතවරය සිදුකල කාන්තාවන් සිව් දෙනා සොයා පොලිස් පරික්ෂණ...

25 හැවිරිදි හමුදා භටයෙකු පැහැරගෙන ගිය කාන්තාවන් සිව්දෙනෙකු විසින් ඔහුව සතියකට ආසන්න කාලයක් බලහත්කාරයෙන් රදවා තබාගෙන ලිංගික අතවරයට ලක් කොට කදුකරයේ කැලැබද පෙදෙසක දමාගොස් තිබියදි සොයාගත් පුවතක් සිම්බාබ්වේ දේශයෙන් වාර්තා වේ.

සිම්බාබ්වේ හි මුරාරේ නගරයට තරමක් දුරින් ගමන් කරමින් සිටි හමුදා භටයා අසල නැවැත්වු මර්සිඞීස් වර්ගයේ රථයක සිටි කාන්තාවන් පිරිසක් ඔහුව නගරය වෙත ගෙනයා හැකි බවට පවසා ඇත.
පසුව එම ආරාධනාව පිලිගත් හමුදා භටයා රථයට නැගි ටික දුරක් ගිය පසු එය නියමිත මාර්ගයෙන් පිට පැන වෙනත් මාර්ගයක ගමන් කරන බව හැගි ගිය හමුදා භටයා එම කාරණය රථය පැදවු කාන්තාවගෙන් විමසූවිට පිහියක් පෙන්වා තර්ජනය කර රෙදි කඩකින් දෑස් බැද නාදුනන නිවසකට ගෙන ගොස් දින 4 ක් පුරා ඔහුව ලිංගික අතවරයට ලක් කර ඇතැයි සිම්බාබ්වේහි මැනිකලැන්ඞ් පොලිස් ප‍්‍රකාශක උප පොලිස් පරික්ෂක නුසොන්ඩිවා ක්ලීන් පවසයි.

දෑස් බැද දන්ගොමුවා රක්ෂිත කදුකරයේ දමාගොස් සිටි අතවරයට පත් හමුදා භටයා පසුව සොයාගත් අතර මෙම අතවරය සිදුකල කාන්තාවන් සිව් දෙනා සොයා පොලිස් පරික්ෂණ කටයුකු ආරම්භ කර ඇති බව උප පොලිස් පරික්ෂක නුසොන්ඩිවා ක්ලීන් වැඩිදුරටත් පවසයි.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us