Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

අල කන්ටේනරයේ සඟවා ගබ්සාවට කෝටි 3ක එන්නත් කුප්පි ගෙනත්...

පකිස්තානයේ සිට මෙරටට ගෙන්වා තිබු අල  කන්ටේනරයක තිබී රුපියල් කෝටි තුනක් වටිනා ගබ්සා කිරීම සඳහා යොදාගන්නා 'ඩිප්රොවේරා' නමැති එන්නත් කුප්පි තිස්දහසක් රේගුව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ...

පකිස්ථානු ජාතිකයෙකු පකිස්ථානයේ සිට මෙම ඖෂධ තොගය මෙරටට ගෙනවිත් ඇති බව රේගු අධ්‍යක්ෂ මාලි පියසේන මහතා පැවසුවේය.

ගබ්සා සඳහා යොදා ගන්නා ඖෂධයක් වන මෙය ශ්‍රි ලංකාවට ගෙන ඒම තහනම් කර ඇති ඖෂධයකි.
අල අඩංගු කන්ටේනර් 3ක් පසුගිය සඳුදා දින සිට පරික්ෂාවට ලක් කර ඇති අතර ඉන් එක් කන්ටේනරයක බෑග් 15ක ගබඩා කර තිබු මෙම එන්නත් කුප්පි තොගය රේගුව මගින් සොයාගනු ලැබීය.

කෙසේ වෙතත් මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන නොමැති අතර එම පාකිස්තාන ජාතිකයාගේ අතුරුදන්වීම පිළිබඳ රේගු කටුනායක ගුවන්තොටුපොළටද දැනුම් දී තිබේ.කන්ටේනර්වල බඩු නිදහස් කිරීම සඳහා යොදවා සිටි නියෝජිතයා රේගු භාරයට ගෙන තිබේ.

රේගු අධ්‍යක්ෂ මාලි පියසේන මහතා පැවසුවේය වීසා ලබාගෙන මෙරට රැඳී සිටින පාකිස්තානු ජාතිකයකු විසින් අල කන්ටේනර් තුන මෙරටට ගෙන්වා ඇති අතර එම කන්ටේනර් තුන පරීක්‍ෂා කිරීමේදී තුන්වැනි කන්ටේනරයේ සඟවා තිබූ මේ ගබ්සා එන්නත් කුප්පි තොගය සොයාගත් බවයි.

රේගු ආදායම් විශ්ලේෂණ අංශයේ අධ්‍යක්‍ෂ මාලි පියසේන මහතාගේ අධීක්‍ෂණය යටතේ නියෝජ්‍ය රේගු ඩී.ඩී.එස්.ඊ. මයිකල්, සහකාර රේගු අධ්‍යක්‍ෂ උදේෂ් ජයවර්ධන, රේගු අධිකාරි මහේන්ද්‍ර අත්තනායක යන මහත්වරු ඇතුළු රේගු පරීක්‍ෂණ කණ්ඩායමක් පරීක්‍ෂණ පවත්වයි.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us