කපා කොටා ඝාතනය කරන ලද අඹු සැමි යුවළක ගේ මළ සිරුරු දෙකක් පුල්මුඩේ පොලිසිය විසින් පසුගිය 20 වනදා සොයා ගනු ලැබුවා.
එසේ ඝාතනයට කර තිබුනේ පුල්මුඩේ මහසෙන්පුර ප්‍රදේශයේ පදිංචි එච්.එම්. සූරියබණ්ඩාර (38) හා එස්. ජීවනී අනුරුද්ධිකා (36) නමැති අඹු සැමි යුවළකි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් සැක කරන තරුණිය එම ප්‍රදේශයේම පදිංචි රූපිකා දමයන්ති නමැති 20 හැවිරිදි තරුණියක් බව පොලිසිය පවසා තිබුනා..
රූපිකා දමයන්ති නම් ඇය තරුණියක් වුවද තරුණයකු ලෙස ලිංගික විපර්යාසයකට ලක්ව සිටි තැනැත්තියක් බව ප්‍රදේශවාසීහු පවසා සිටියාය..තවද ඇය මත්පැන් හා මත්ද්‍රව්‍යවලට මෙන්ම වෙනත් අයථා කටයුතුවලට වැඩි නැඹුරුවක් දක්වා ඇති අයකු බවත් පොල් ගස් නැඟ පොල් කැඩීම ජීවනෝපාය කරගෙන සිටි තරුණියක් බවත් ප්‍රදේශවාසීහු කියා සිටිති.
රූපිකා දමයන්ති නම් අදාළ සැකකාරිය ඝාතනයට ලක්වූ අඹු සැමි යුවළගේ නිවෙසේ කාලයක සිට පදිංචිව සිට ඇති අතර ඝාතනයට ලක්වූ අඹු සැමි යුවළගේ 15 හැවිරිදි දියණිය සමඟ සමලිංගික ඇසුරක් පවත්වා ඇති බවට පොලිසියට කරුණු අනාවරණය වී තිබේ.
රූපිකා දමයන්ති නම් සැකකාර තරුණිය 19 දා රාත්‍රි ඝාතනයට ලක්වූ සූරියබණ්ඩාර නමැති අය සමඟ නිවෙසේ සිට කිලෝ මීටරයක් පමණ නුදුරින් වූ වන ළැහැබක මත්පැන් පානය කර ඇති අතර ඉන් පසුව පොරවකින් කොටා ඔහුව එම ස්ථානයේදීම ඝාතනය කොට ඇත. පසුව නිවෙසට පැමිණ ජීවනී අනුරුද්ධිකා නමැති ගෙහිමි කාන්තාවද පොරවකින් කොටා නිවෙස තුළදීම ඝාතනයට ලක් කොට ඇත. ඝාතනයට ලක්වූ කාන්තාවගේ මළ සිරුර අඩ නිරුවත්ව තිබූ බව පොලිසිය කියා සිටී.
අඹු සැමි යුවළ ඝාතනය කිරීමෙන් පසු අදාළ තරුණිය ඝාතනය ලක්වූ අඹුසැමි යුවළගේ දියණියන් දෙදෙනා වන 15 හැවිරිදි ඉමාලි ප්‍රියදර්ශනී හා 8 හැවිරිදි සෙව්වන්දි ප්‍රියදර්ශනී යන දෙදෙනා රැගෙන ප්‍රදේශයෙන් පලා ගිය බව සැකකාර තරුණියගේ මව පොලිසියට කියා තිබේ.
සැකකාර තරුණිය ප්‍රදේශයෙන් පලා යෑමට ප්‍රථම ඇයගේ නිවෙසට පැමිණ, බණ්ඩාර හා ජීවනී යන දෙදෙනා පොරොවන් කොට ඝාතනය කළ බව සිය මවට කියා ඇති අතර අනතුරුව දැරියන් දෙදෙනා ද රැගෙන නිවෙසින් පිටවූ බව පසු දින පුල්මුඩේ පොලිසියට පැමිණ පැමිණිලි කොට ඇත. කෙසේ වෙතත් සැකකාර තරුණිය කදාන ප්‍රදේශයේදී පොලිසිය විසින් පෙරේදා පෙරවරුවේම (20දා) අත්අඩංගුවට ගෙන ඇති බවත් ඇය සමඟ දියණියන් දෙදෙනාද සිට ඇති බවත් පුල්මුඩේ පොලිසිය කියා සිටී.
ඡායාරූප-adaderana