Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

මැ‍ලේසි‍යා‍වේ ‍කොටි කතක් සමග දෙවැනි ප්‍රභාකරන් සීමන් ‍පෙමින් ‍වෙ‍‍‍ළෙයි...

තමිල්නාඩුවේ සිට ශ්‍රී ලංකාව තුළ ඊළාම් රාජ්‍යයක් පිහිටුවීමේ සිහිනය දකින දකුණු ඉන්දීය සිනමා අධ්‍යක්‍ෂ සීමන් ‘කොටි උන්මාදය’ නම් මනෝවිකාරයෙන් පෙළෙන බව සනාථ කෙරෙන තවත් කතාවක් හෙළිදරව් වී තිබේ...

මෙවර සීමන් අසාකර ඇත්‍‍තේ කොටි උදවුකාරියකගේ උරහිස පිටුපස කොටා ඇති කොටි ලාංඡනයකටය.

කරුණු හෙළිදරව් වන ආකාරයට සීමන්ගේ හද බැඳ ගත් මෙම කොටි කත වාසය කරන්නේ මැලේසියාවේය.
යට ඇඳුම් පමණක් සහිතව ඇය මැලේසියාවේ සිය නිදන කාමරයේ සිට දකුණු ඉන්දියාවේ සිටින සීමන් සමඟ අන්තර්ජාලය හරහා ආදර බස් තෙපළන ආකාරය දිස්වන ඡායාරූප ගණනාවක් පසුගියදා අන්තර්ජාල‍යේ පළ විය.

මෙම ඡායාරූප මඟින් ඇයගේ උරහිස පිටුපස කොටා ඇති කොටි ලාංඡනය මනාව ග්‍රහණය කර ගත හැකි අතර ඇ‍ගේ නිදන කාමරයේ බිත්තිය මතද කොටි ලාංඡන දැක ගත හැක. තවත් තැනක ප්‍රභාකරන්ගේ රුවද ‍පෙ‍නේ...කොටි නායක ප්‍රභාකරන් ජීවත්ව සිටියදී කිහිපවරක්ම ශ්‍රී ලංකාවට පැමිණ ප්‍රභාකරන්ගේ ඊළාම් රාජ්‍ය සිහිනය සමඟ ගැටගැසුණු සීමන් දකුණු ඉන්දියාවේ චිත්‍රපට නිෂ්පාදනයට අමතරව ‘ඊළම’ වෙනුවෙන් පෙනී සිටින්නකුද විය.

‘අපි දෙමළ’ නම් ව්‍යාපාරයට නායකත්වය සැපයූ සීමන් තමිල්නාඩුව තුළ ‘පුංචි ප්‍රභාකරන් කෙනකුගේ චරිතයට පණ පොවන්නට පටන් ගත්තේය. ඊළාම් සිහිනය බිඳ වැටී කොටි නායක ප්‍රභාකරන් මරු තුරුලට ගිය පසු මේ "පුංචි ප්‍රභාකරන්"ට කොටි නායකයාගේ හිස් වූ තැනට එන්නට ‍‍දොළක් පහළ නොවූවා යැයි කීමට කිසිවකුට නොහැකිය.

"ඊළාම් සිහිනය" සමඟ ගැටගැසෙමින් කොටි ව්‍යාපාරය සමඟ සබඳතාව වඩා තර කිරීමට සීමන් නිබඳව මං සෙවීය. එහෙත් "ඊළාම් සිහින" මාවතේ ගමන් කිරීමට තමිල්නාඩුවේ ‘පුංචි ප්‍රභාකරන්’ යොදා ගන්නේ යාපනයේ ‘කොටි නායක ප්‍රභාකරන්’ යොදාගත් ක්‍රමවේදයන්ම නොවේ. ඔහු ඊළාම් ගමන ගොඩයන්නට සොයා ගෙන ඇත්තේ අපූරු කෙටි ක්‍රමවේදයකි. ඒ කොටි සංවිධානය සමඟ සබඳතා ඇති ගැහැනුන් හරහා කොටි හිතවාදයේ ගැඹුරු නිල අල්වා ගැනීමය. ඒ තුළින් තමා තදබල කොටි හිතවාදියකු බවට ලෝකයා ඉදිරියේ ලේබල් ගසා ගැනීමය. කොටින්ම කියනවා නම් ‘පුංචි ප්‍රභාකරන්’ යන නාමය තහවුරු කර ගැනීමටය.

පුවත උපුටා ගැනීම මව්බිම පුවත් පතෙනි









Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us