අඛණ්ඩ මෙහෙයුමකින් පසු බොස්ටන් මැරතන් තරඟයේ 19 හැවිරිදි දෙවැනි බෝම්බ කරු වෝටර්ටවුන් නගරයේ බෝට්ටුවක රැදී සිටියදී ඔහුව පණපිටින් අත්ඩංගුවට ගත් බව පොලීසිය කියයි.
Update(2) 04/19/2013 05:17 PM
බොස්ටන් ප්‍රහාරයේ සැකකරුවෙකු මරුට..
බොස්ටන්හි දැවැන්ත පොලිස් මෙහෙයුමක්..
ඇමෙරිකාවේ මැසචුසෙට් ප්‍රාන්තයේදි පොලිස් නිලධාරියෙකුට වෙඩි තබා ඝාතනය කිරීමෙන් අනතුරුව බොස්ටන් නගරයේ දැවැන්ත පොලිස් මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
විදෙස් වාර්තා පවසන්නේ මෙම මෙහෙයුම් සඳහා පොලිස් නිලධාරින් විශාල සංඛ්‍යාවක් යොදවා ඇති බවය..එමෙන්ම නගරයේ විටින් විට වෙඩි ශබ්ද සහ පිපිරුම් හඩ ඇසෙන බව ද බී.බී.සි. ලෝක සේවය පවසයි.
මේ අතර බෝම්බ ප්‍රහාරයේ සැකකරුවෙකු පොලිස් වෙඩි පහරින් ජිවිතක්ෂයට පත්ව තිබේ..පොලීසිය සමග සිදුවූ වෙඩි හුවමාරුවක දී සැකකරු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.බෝස්ටන් මැරතන් ධාවන තරගය අතරතුර සිදුවූ පුහාරය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල දී හඳුනාගත් සැකකරුවන් දෙදෙනෙකුගේ ඡායාරූප එෆ්.බී.අයි ආයතනය විසින් නිකුත් කර තිබුණි.
ඒ අනුව එරට පොලීසිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කළ අතර එහිදී පළායමින් සිටි එක් සැකකරුවෙකු මෙලෙස පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව ඇත.
අනෙක් සැකකරු සොයා ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක බව විදෙස් වාර්තා අනාවරණය කරයි.
Update(1) 04/19/2013 05:25 AM
බොස්ටන් බෝම්බය ගෙනාවේ පිටේ එල්ලාගෙන යා හැකි බැගයකද?
පසුගිය සදුදා (15) අමෙරිකාවේ බොස්ටන් මැරතන් තරගයේදී සිදුවුණු බෝම්බ පිපිරීමෙන් තිදෙනකු මරු කැදවමින් හා තවත් විශාල පිරිසකට අත පය අහිමි වී හා තුවාල සිදුවී තිබෙනවා...
පුපුරා ගිය එම බෝම්බ අටවන ලදැයි සැලකෙන සැකකරුවකු නිරීක්ෂණ කැමරා වල සටහන්ව තිබු බව බලධාරිහු පෙරේදා ප්‍රකාශ කළහ...
බොස්ටන් ප්‍රහාරකයාගෙයි සැලකෙන වීඩියෝ දර්ශන මෙලස සටහන්ව තිබුනේ අසල පිහිටි වෙළද සැලක සවිකර තිබු කැමරාවකය..
මෙහි රවුම් කර දක්වා ඇත්තේ ඔහුය එහෙත් ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වනතුරු කිසිවකු අත්අඩංගුවට ගෙන නැත අතර විමර්ශන කැමරා හා නිශ්චල ඡායාරූපවලින් දැක්වෙන දසුන් මගින් නිශ්චිත තොරතුරක් අනාවරණය කර ගැනීමට හැකි වෙතැයි විශ්වාස කෙරේ...
ප්‍රහාරය සිදු කළ සැකකරුවකු අත්අඩංගුවට ගත් බවට පරස්පර විරෝධී ආරංචි පැතිර යාමත් සමඟ එෆ්.බී.අයි ආයතනය ඒ සම්බන්ධයෙන් දැඩි සේ මාධ්‍ය ආයතනවලට අවවාද කර තිබේ..කෙසේවෙතත් බෝම්බය පුපුරන අවස්ථාවේ අවට සිටියවුන් බිමට පාත්වෙද්දි එතැනින් බැහැරට දුව යන පුද්ගලයකුගේ රුවක් විඩියෝ දසුන්වල සටහන්ව ඇති අතර බෝම්බය අටවන අයුරු දැක්වෙන දසුන් ද තිබිය හැකි බව පරීක්ෂකයින් පවසා ඇත.
අදාළ සැකකරු හඳුනා ගැනීමේ ක්‍රියාවලියක නිරතව සිටින බව ද ඔවුන් පවසා තිබේ මේ දක්වා ප්‍රහාරයේ වගකීම කිසිවකු බාරගෙන නැති අතර සැකකරුවන් සොයා ලොව පුරා මිනිස් දඩයමක් අරඹා ඇති බව බලධාරින් ප්‍රකාශ කර ඇත...පරීක්ෂණ කටයුතු සඳහා කාලයක් ගත වන බැවින් ඉවසීමෙන් සිටින ලෙස මැසුචුසෙට්ස් ආණ්ඩුකාරවරයා ජනතාවගෙන් ඉල්ලා ඇත...
මේ අතර තුවාලකරුවන්ගේ සිරුරුවලින් ඉවත් කරන ඇණ හා ලෝහ කැබලි පරික්ෂකයන්ට බාර දීමට නියමිතය තුවාල ලත් අයගෙන් 100 දෙනකු පමණ රෝහල්වලින් ඉවත්ව ගොස් ඇති අතර බරපතළ තත්ත්වයේ පසුවන 10 දෙනකු පමණ නව සැත්කම් සඳහා රැඳී සිටින බවත් සඳහන්ය.
කෙසේ වෙතත් මෙම බෝම්බ ප්‍රහාරයෙන් දින තුනකට පසු යලි ඊයේ අමෙරිකාවේ ටෙක්සාස්හි පොහොර නිෂ්පාදනාගාරයක සිදු වූ පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 70 දක්වා ඉහල ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා...