අමෙරිකාවේ ටෙක්සාස්හි පොහොර නිෂ්පාදනාගාරයක සිදු වූ පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 70 දක්වා ඉහල ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා...
මෙම පිපුරුමෙන් පුද්ගලයින් සිය ගණනක් පමණ තුවාල ලබා ඇති අතර තවත් විශාල පිරිසක් එහි සිරවී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මිය ගිය පුද්ගලයන් ගණන මේ වන තෙක් නිල වශයෙන් ගණන් බලා නැත අතර එම ප්‍රමාණය මීට වඩා බොහෝ සෙයින් ඉහල යා හැකි යයිද සඳහන්ය කරයි...
පිපිරීමෙන් පසු කර්මාන්ත ශාලාව තුල විශාල පිරිසක් සිරවී සිටින අතර ගිනි නිවන කණ්ඩායම් සහ ආරක්ෂක අංශ ගින්න මැඩපවත්වීමේ කටයුතු සිදු කරමින් සිටී...සිරවී සිටින පුද්ගලයින් බේරාගැනිමේ කටයුතු සදහා හෙලිකොප්ටර් යානාද යොදවා ඇත අතර සිද්ධියෙන් ගොඩනැගිලි 10-15 පමණ විනාශ වී ඇති අතර තවත් ගොඩනැගිලි 50කට පමණ හානි සිදුවී ඇත.
බලධාරින් පැවසුවේ පිපිරීමත් සමග ආසන්නයේ පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානයක් හා පාසලක් ඇතුළු ගොඩනැගිලි කිහිපයකට දැඩි හානි සිදුව ඇති බවය...ගොඩනැගිලිවල සුන්බුන්වලට පුද්ගලයින් යටවී සිටින බවට විශ්වාස කෙරෙන අතර ඔවුන් සෙවීම සදහා සහන සේවා ක්‍රියාත්මක කර තිබේ.
එරට ගිනි නිවන කණ්ඩායම් සහ ආරක්ෂක අංශ ගින්න මැඩපවත්වීමේ කටයුතු සිදු කරමින් පවතින බව වාර්තා වේ...