
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු 4 දෙනෙකු ඝාතනය කිරීමේ නඩුවේ 11 වැනි විත්තිකර පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා අද (27) පෙරවරු 11.30ට පමණ කොළඹ නවලෝක රෝහලින් පිටත්ව ගොස් තිබේ..
නවලෝක රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිට ඊයේ දිනයේ හාස්කමකින් සුවය ලැබූ බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මෙලෙස අද දිනයේදී රෝහලෙන් පිටතට පැමිණයේය.පළමුව ඔහු ගොස් ඇත්තේ මහින්ද රාජපක්ෂ ජනපතිවරයාගේ ආශිර්වාද ලබා ගැනීමට බවද පැවසේ.
දුමින්ද සිල්වා රැගත් රිය නවම් මාවත ඔස්සේ ගොස් එතැනින් ගාලු මුවදොරට හරවා අරලිය ගහ මැදුර ඇතුළුවූ බව පැවසෙනවා..සිංගප්පූරුවේ මවුන්ට් එළිසබත් රෝහලේ සිට පසුගිය මාර්තු 05 වැනිදා රෝද පුටුවෙන් පැමිණ, නවලෝක රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ දුමින්ද මහතා අද නවලෝක රෝහලෙන් දෙපයින් අවිදගෙන පිටවීමද විශේෂිතය...
දුමින්ද, නවලෝකයෙන් එළියට යනු දැකබලා ගැනීමට විශාල පිරිසක් පැමිණ සිටි බවද වාර්තා වේ.මන්ත‍්‍රිවරයා පිළිගැනීම සඳහා ඔහුගේ ආධාරකරුවන් විශාල පිරිසක් පැමිණ සිටි අතර මන්ත‍්‍රිවරයා ඔවුන් දෙසට සිනාසෙමින් ඇවිදගෙන ගොස් කතා කර තිබේ..




