Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

බලශක්තිය දේශපාලන ක්ෂේත්‍රය වෙනස් කිරීමේ ප්‍රබලම සාධකයක් බව අමාත්‍ය තාක්ෂණ, පර්යේෂණ හා පරමාණුක බලශක්ති අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.

විදුලිමිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් සාධාරණ හේතු පැවතිය ද මිල වැඩිකිරීමේ ක්‍රමවේදය අසාධාරණ බව ඔහු පෙන්වාදෙයි.

විදුලිබල මණ්ඩලයේ ඇතැම් ක්‍රියා කලාප හේතුවෙන් පාඩු සිදුවන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

පැයක විදුලිය අත්හිටුවීමකින් ආර්ථිකය සියයට එකකින් කඩාවැටිය හැකි බව ඔහු පෙන්වාදෙයි.

ඒ අනුව විදුලි ගාස්තු සම්බන්ධයෙන් මිල සූත්‍රයක් ඉදිරිපත් කළ යුතු බව අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.
විදුලිබිල වැඩි කිරීම ගැන හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඇතුළු විද්වතුන්ගේ සහභාගීත්වයෙන් (27) කොළඹදී පැවැති සාකච්ඡාවකදී චම්පික රණවක අමාත්‍යවරයා මේ බව පැවසීය.

එම අවස්ථාවට එක් වූ එජාප මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ද ප්‍රකාශ කළේ විදුලිමිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ රජය ද වගකිව යුතු බවයි.

මෙය විදුලිබලය සම්බන්ධ ගැටලුවක් පමණක් නොවන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
විදුලිබල මණ්ඩලයට පාඩු සිදුවු ආකාරය පිළිබඳව ද හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා එහිදී අදහස් දැක්වීය.

adaderana

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us