Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

මන්ත‍්‍රී දුමින්ද සිල්වා යළි දේශපාලනයට.?

පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා ඊයේ දිනයේ දී නවලෝක රෝහලෙන් ප‍්‍රතිකාර ලබා පළමුව ආශිර්වාද ලබා ගැනීම සදහා ජනපති මන්දිරයට යන බවත් පවසා තිබුනා..

පසුව ඔහු පැලවත්තේ සිය නිවසට පිටව ගියේය එහිදී සිය නිවසට ගිය ඒ මහතා නැවතත් දේශපාලනයට පැමිණ ජනතාවට සේවය කරන බවට මාධ්‍ය ඉදිරියේ ප‍්‍රකාශ කර තිබේ..

කෙසේ වෙතත් කොළඹ නවලෝක රෝහලේ සිය වාට්ටුවේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඊයේ දහවල් 11.25ට පමණ පෞද්ගලික ආරක්ෂකයෝ සමග රෝහලෙන් එළියට පැමිණියේය...
ඒ වන විට දුමින්දට පක්ෂපාති ජනතාව ඔල්වරසන් දෙමින් පෝස්ටර් අතැතිව දුමින්ද සිල්වා මහතා රෝහලෙන් පිටවීමේ සතුට සමරමින් සිටිනු අපට දැකගන්නට ලැබිණි..

එහිදී දුමින්ද සිල්වා මහතාගේ සහෝදරයෙකුගේ පෞද්ගලික රුපවාහිනී නාලිකාවක් වන හිරු ටීවී මාධ්‍ය වේදීන් එහි පැමිණි සිටි පිරිසගෙන් දුමින්දට සුවය ලැබීම ගැන විමසා තිබුණා..එහිදී ඔවුන් දැක්වූ අදහස් පහතින්...

අහිංසක මිනිස්සුන්ට කරපු සේවය නිසා තමයි එතුමා බේරුනේ..අපි බලාගෙන හිටියේ එතුමා එනකං කොලොන්නාවට

අපි හරි අසරණවෙලා හිටියේ මේ අවුරුදු එකහමාරක් තිස්සේ අපේ මන්ත්‍රීතුමා නැතිව අපිට හරි අද සන්තෝස දවසක්...අපේ මන්ත්‍රීතුමා කියන්නේ දෙවි කෙනෙක් කොලොන්නාව ආසනේට අපු දෙවි කෙනෙක්.එයාට වරදක් වෙන් නෑ..අපි ඒක අනිවාර්යෙන් දන්නවා.

එතුමාට දෙවියන්ගෙ ආශිර්වාදයක් ලැබුණා.දෙවියෝ අපේ දිහා බලලා තමා අපිට දුන්නේ දුමින්ද සිල්වා මහත්තයාව නැවත වරක්.. මේක අපේ වාසනාවක් කොලොන්නාව ජනතාවගේ වාසනාවක්

ඒවගේ හිසට තුවාලයක් වෙලා එතුමාගේ ජීවිතේ ඇත්තටම බේරුවේ දෙවියො තමයි. මොකද එවැනි වෙඩි පහරක් හිසට වැදිලා ඒවගේ ජීවත් වෙන කිසිම මනුෂ්‍යයෙක් මේ ලෝකෙ නෑ...එතුමා සැබෑ ජනතාව අතරෙ සිටපු නායකයෙක් නිසයි ආර් දුමින්ද සිල්වා මන්ත‍්‍රී තුමාගේ ජීවිතය අපට නැවත වතාවක් මේ ලෝකෙට දුන්නේ දෙවියෝ කියල අප විශ්වාස කරනවා දෙවියන් වහන්සේ කියල අප විශ්වාස කරනවා..

මේක හාස්කමක් මේක දෙවියො දුන්න තෑග්ගක් අපිට..තොලොන්නාව ආසනයේ ජනතාව බලා සිටියේ දුමින්ද සිල්වා මහතා එනතුරු.


කොළඹ දිස්ත්‍රික්කයේ අහිංසක ජනතාවගේ පිනට තමා අද මේ දේ වුනේ.මේකට තමා කියන්නෙ සත්‍යය ජයගනී කියලා.දෙවියන් වහන්සේගේ බැල්ම පිහිට එතුමාට අනිවාර්යෙන්ම ලැබුණා. ඉදිරියටත් ඒ විදියටම ලැඛෙනවා. කොළඹ ජනතාව ආර් දුමින්ද සිල්වා මන්ත්‍රීතුමාට සැමදාම ආදරෙයි.

කොළඹ දිස්ත්‍රික්කයට අවශ්‍යම කරන චරිතයක්. කොළඹ ජනතාව බලාපොරොත්තුවෙන් හිටියා දේශමාන්‍ය ගරු ආර් දුමින්ද සිල්වා මැතිතුමා එනකං. අපි ඇත්ත වශයෙන් මුළු හදවතින්ම සන්තෝෂ වෙනවා. ඒවගේම ඉදිරියේදීත් ගරු ආර් දුමින්ද සිල්වා මැතිතුමාගෙ පිටුපස සිටීමට අපි සියලූ දෙනාම එකවගේ කතාවෙලා සූදානම් පිට ඉන්නේ. අපි අදත් හෙටත් ඉදිරියටත් ජයෙන් ජය පතනවා අපේ ආදරණීය නායකයාට.

කතාකරන්න වචන නෑ ඇත්තට හරි සන්තෝෂයි මොකද මේ වගේ අසාධ්‍ය තත්වෙක ඉඳලා ලොකු හාස්කමකින් වගේ අද අපිට සර් සනීප කරලා දුන්නා. අද කොලොන්නාවට අයිත් නව පණක් ලැබුවා කියල අද හිතෙනවා ඇත්තට හරිම සන්තෝෂයි.

එම වීඩියෝව පහතින්

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us