Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

බෙන්තර-ඇල්පිටිය ආසන සංවිධායිකා ගීතා කුමාරසිංහ මහත්මිය ඊයේ (04 දා) බෙන්තොට ප්‍රාදේශීය සභාවේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී ,බෙන්තොට ප්‍රාදේශීය සභාවේ උප සභාපති (එ.ජ.නි.ස.) රංජිත් වික්‍රමසිංහ මහතාට කෝපි කෝප්පයකින් පහරදී ඇත.

බෙන්තොට ප්‍රාදේශීය සභා ගොඩනැඟිල්ලේ පැවැති මෙම රැස්වීමේදී දෙදෙනා අතර බහින් බස්වීමක් ඇති විය.

ගීතා කුමාරසිංහ මහත්මිය මීට පෙර දිනක ආණ්ඩු පක්ෂයට සාමාජිකයන් බඳවා ගැනීමේ අවස්ථාවට සහභාගිවන ලෙස බෙන්තොට ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන්ට ලිඛිතව දන්වා ඇත.
ආයතන සංග්‍රහයට එරෙහිව කළ මේ ක්‍රියාවට විරුද්ධවීම නිසා ඇතිවූ බහින්බස් වීමේදී ඇය උපසභාපතිවරයාව මෙසේ කෝපි වලින් නහවා තිබේ. එම සිද්ධියෙන් පසු රැස්වීම අතරමඟ නැවැතුණු අතර ඊට පසුවත් දෙදෙනා දැඩි අසභ්‍ය වචනවලින් එකිනෙකාට බැන ගන්නා අයුරු දක්නට ලැබිණි.ගීතා කුමාරසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමට බෙන්තොට ප්‍රාදේශීය සභා සභාපතිවරයා සහභාගි නොවීමද මෙහි ඇති විශේෂත්වයකි.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us