Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

Apr 05

2005 වසරේ සිදිවු යාංගල්මෝදර මාරක රිය අනතුරේ බස් රියැදුරයි කොන්දයි පෝරකේට....

වසර 270 කුත් හිරේ - බර දඩයකුත් නියම වේ...

මිට අවුරුදු අටකට පමණ පෙර එනම් 2005 වසරේ අපේ‍්‍රල් 27 වන දා පුද්ගලයින් 41 දෙනෙකුට මරු කැදවමින් අලව්ව යාංගල්මෝදර දුම්රිය හරස් මාර්ගයේ දී සිදුවු අනතුරට අදාළ බස් රථයේ රියදුරුට සහ කොන්දොස්තරවරයාට මරණ දඩුවම නියම කර තිබේ.
අලව්ව - යාංගල්මෝදර දුම්රිය හරස් මාර්ගයේ සිදුවූ බස් - දුම්රිය අනතුර සම්බන්ධයෙන් වරදකරුවන් වූ බස් රථයේ රියදුරුට සහ කොන්දොස්තරවරයාට කුරුණෑගල මහාධිකරණය අද (05)  මරණ දඩුවම නියම කළා. මෙලෙස මරණ දඬුවම නියම වූයේ එම පෞද්ගලික බස් රථයේ රියදුරු වන අබ්දුල් වහීඞ් හෆ්රූල්ට සහ කොන්දොස්තර වන එම්.ජී. බුද්ධික රුවන් කුමාරටයි.

2005 වර්ෂයේ අප්‍රියෙල් 27 වනදා අලව්ව යාංගල්මෝදර දුම්රිය හරස් මාර්ගයේ දී බස් රථයක් නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියක ගැටීමෙන් අදාළ අනතුර සිදුව ඇත.එහිදී තවත් පුද්ගලයින් 35 දෙනෙකු බරපතළ තුවාල ලැබීය.

නගරාන්තර සීග්‍රගාමි දුම්රිය යාංගල්මෝදර දුම්රිය හරස් මග පසු කිරීමට පැමිණෙද්දි දුම්රිය ගේට්ටුව වසා තිබී ඇත. එම අවස්ථාවේ දී බසයේ කොන්දොස්තරවරයා බසයෙන් බැස දුම්රිය හරස් මාර්ගයට ගොස් රේල් පාර දෙස විපරම් කොට බස් රථය ඉදිරියට පදවන ලෙසට රියදුරාට අතින් සංඥා කර තිබේ.එම සංඥාවට අනුව රියදුරා බස් රථය ඉදිරියට ධාවනය කරවද්දී අසල සිටි පුද්ගලයෙක් “කෝච්චිය එනවා..දාන්න එපා..” යැයි කෑ ගසා ඇති නමුත් පුද්ගලික බස් රියේ රියදුරා බස් රථය ඉදිරියට ධාවනය කරවා තිබේ. එම අවස්ථාවේ දුම්රියේ බස් රථය ‍ගැටුණ බව සාක්කිවලින් අනාවරණය විය.

මෙම බිහිසුණු අනතුර සම්බන්ධයෙන් එම බස් රථයේ රියදුරුට සහ කොන්දොස්තරවරයාට එරෙහිව චෝදනා 152 ක් ගොනු කරමින් නීතිපතිවරයා විසින් නඩුව ගොනු කර තිබිණි.

මේ සම්බන්ධයෙන් කුරුණෑගල මහාධිකරණය හමුවේ පැවති නඩුව අද විභාගයට ගත් අවස්ථාවේ අනාරක්ෂිත ලෙස බස් රථයක් ධාවනය කිරීම හේතුවෙන් අදාළ අනතුර සිදුව ඇති බව තීන්දු කළ මහාධිකරණ විනිසුරුවරයා බස් රථයේ රියදුරුට සහ කොන්දොස්තරවරයාට මරණ දඬුවම නියම කළේය.




Comments (2)

Loading... Logging you in...
  • Logged in as
Ane Hapoi! 's avatar

Ane Hapoi! · 630 weeks ago

Mewata niyama sadarane ishta wuna. Mage suba pathum! Eth Mini marapu darmasirita sadarene ishta novichcha eka gana mata dukai! :(
1 reply · active 630 weeks ago
Samanalaya's avatar

Samanalaya · 630 weeks ago

Eth ban mun dennage waradata danduwama kriyatmaka wenna 8 yearsma giya. Un dennage warada kiyala pahadiliwama danagenat ai me taram kalayak mekata giye. Neetiye anik dewalut me wagema tamai...

Post a new comment

Comments by

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us