Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

Apr 09

සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් දිනකට රුපියල් කෝටි තුනකට වැඩි ප්‍රමාණයක දැවි තෙල් පිට කිරීමේ ජාවාරමක් සොයාගත් පොලිසිය එසේ පිටකරමින් තිබූ තෙල් බවුසරයක් සමඟ සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඒවා ගබඩා කර ඇති ස්ථානයක්ද සොයාගෙන තිබේ.

කොළඹ උතුර ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට ලැබුණු ඔත්තුවක් මත සිදු කෙරුණු පරීක්ෂණ මෙහෙයුම් හරහා මේ මහා පරිමාණ ජාවාරමේ සියලු තොරතුරු හෙළිකර ගැනීමටත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමටත් හැකිවී ඇත.

ඊයේ (8) පෙරවරුවේ සිට සිදු කෙරුණු මෙහෙයුමක ප්‍රතිඵල මත සැකකරුවන් සමඟ බවුසරයත් ගබඩාවත් සොයාගනු ලැබුවේ දොම්පේ ‍ප්‍රදේශයෙනි.

රුපියල් දොළොස් ‍ලක්ෂ අටදහසක දැවි තෙල් එම බවුසරයේ අඩංගු වෙයි. දිනකට එවැනි බවුසර් 10 - 20 අතර ප්‍රමාණයක් පිටකරන බවට තොරතුරු අනාවරණය වී ඇත.

මින් රජයට දිනකට රුපියල් කෝටි තුනක පමණ විශාල පාඩුවක් සිදු වෙයි.

එක්තරා පිරිසක් සංවිධානය වී සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ඇතැම් පුද්ගලයන්ගේද සහාය ඇතුව කාලයක් තිස්සේ මේ ජාවාරම මහා පරිමාණයෙන් සිදු කරගෙන ගොස් ඇත.

රජයේ විදුලි බලාගාර සහ බොයිලේරුවල පාවිච්චිය සඳහා මේ දැවි තෙල් භාවිත වෙයි.

පෞද්ගලික ව්‍යාපාර සඳහා මේවා සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් මිලදී ගත යුතු වෙයි. එසේ ඉල්ලුම් කරන පුද්ගලයන්ට රජයට මුදල් ලැබීම වෙනුවට මෙසේ අත යට අලෙවි කිරීමේ ජාවාරම සිදු වෙයි.

දොම්පේ ගබඩාවේ දැනට තෙල් ලීටර් ලක්ෂ තුනක් පමණ ‍තිබේ. ඒවා නැව් තෙල් බව සැකකරුවන් ප්‍රකාශ කර ඇත. එහි සත්‍යතාවය හෙළි කර ගැනීම සඳහා පරීක්ෂණ සිදු වෙයි.

Comments (4)

Loading... Logging you in...
  • Logged in as
මේව ජාතික අපරාධ........
2 replies · active 613 weeks ago
dukkuge puka's avatar

dukkuge puka · 613 weeks ago

palayan puka nodee
තෝ නම් අම්ම වැසිකිලි ගිය වෙලේ එළියට ආපු එකෙක්ද කොහෙද..............
hora police's avatar

hora police · 613 weeks ago

mun spe shed walata ena petroluth magadi ussanawa.specially kandy distribution depot eken meka wenawa kawadawath oil level ekata na hamadama aduiiiiii serama horu inneeeeee

Post a new comment

Comments by

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us