Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

මාතලේ සමූහ මිනී වල මවකගෙන් හෙළිදරව්වක්...

1989 දෙසැම්බර් 13වැනි දින හමුදාව විසින් පැහැ‍රගෙන යන ලද තම පුතුන් දෙදෙනා මාතලේ රෝහල ආසන්නයේ පිහිටි රෙස්ට් හවුස් කඳවුරේ රඳවා තිබූ බවත් දින 03කට පසු පෙන්වූ නාම ලේඛනයේ තම පුතුන් දෙදෙනාගේ නම් රතු පෑනෙන් කපා දමා තිබූ බවත් මාතලේ කේ.ජී. කමලාවතී නම් මව විසින් හෙළි කර තිබේ.

පුල්මුඩේ පදිංචිව සිටි ඇය කොටි ත්‍රස්තවාදීන්ගේ තර්ජන හේතුවෙන් මාතලේට පැමිණ ඇත්තේ මෙම සිදුවීමට මාස 04කට පෙරය. සැමියා මියයෑමෙන් පසු තම දරුවන් සිව්දෙනා රැකබලා ගැනීමට ඇයට සිදුව තිබිණි.එවක‍ට මාතලේ විද්‍යා විද්‍යාලයේ හා විජය විද්‍යාලයේ උසස්පෙළ හදාරමින් සිටි 18 හැවිරිදි සුසන්ත ජනක සහ 17 හැවිරිදි රෝහන නිශාන්ත නම් ඇයගේ පුතුන් දෙදෙනා උකුවෙල, වරාකන්දවත්ත පිහිටි නිවසින් පැහැරගෙන ගොස් ඇත්තේ, හමුදාව විසින් ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදීය.
"එදාම ගමේ තවත් කොල්ලො 13දෙනෙක් හමුදාවෙන් අරන් ගියා. මගෙ ළමයි අරගෙන යනකොට මම පස්සෙන් ගියා. එයාලව අරාගන ගියේ විජය විද්‍යාලය ළඟ රෙස්ට් හවුස් කෑම්ප් එකට. පුතාලට කතා කරන්න මට දෙන්න කිවුවත් සෙබළු මට ඇතුළට යන්න දුන්නෙ නැහැ... තුන්වෙනි දවසෙ එක සෙබළෙක් කෑම්ප් එකේ අල්ලගෙන ඉන්න අයගෙ ලයිස්තුවක් කියෙව්වා. සමහර නම් රතු පෑනකින් කපලා තිබුණා. මගෙ පුතාලා දෙන්නගෙ නම් දෙකත් ඒ අතරෙ තිබුණා."

ඇයගේ මතකය අනුව යූ.පී.ආර්. පෙරේරා නම් සෙබළෙක් ඇගේ අයැදුම පිට කඳවුරට ගොස් තවමත් ඇගේ පුතුන් දෙදෙනා කඳවුරේ සිටින බව දන්වා ඇති නමුත් ඇයට හමුවීමට ඉඩදිය නොහැකි බව දන්වා තිබේ. ඉන්පසු ඇය එවකට විපක්ෂයේ නන්දිමිත්‍ර ඒකනායක මන්ත්‍රීවරයා හමුවී ඇති අතර ඔහු කියා ඇත්තේ, ගෝඨාභය රාජපක්ෂ නම් හමුදා සම්බන්ධීකරණ නිලධාරියා (MCO) හමුවන ලෙසය.

"මගෙ හදවත කඩා වැටුණා. මෙහෙන් මහින්ද රාජපක්ෂ අ‍පේ ළමයි පැහැරගෙන යන එක ගැන කතා කරනවා. ඒ අතරෙම එයාගෙ මල්ලි හමුදාවෙ ඉන්න එක මට අදහාගන්න බැරිවුණා... මන්ත්‍රීතුමා කිවුවා දරුවො දෙන්නා ගැන ගෝඨාභය රාජපක්ෂ මහත්තයට කියලා තියෙන්නෙ කියලා. ඒත් මම එයා හමුවෙන්න ගිය වෙලාවෙ කෝප්‍රල් සිල්වා කියන කෙනා මට ගෝඨාභය හම්බුවෙන්න යන්න දෙන්න බෑ කියලා එතනින් යන්න අණ කළා."

ඇය ඉන්පසු දිනපතා රෙස්ට් හවුස් කඳවුර බලා ගිය අතර දරුවන් මාතලේ විවිධ කඳවුරු බලා ගෙන ගොස් ඇති බව කියමින් සෙබළුන් ඇය ඒවා බලා පිටත් කර යවා තිබේ. ඇය රතු කුරුස සංවිධානයට හා එක්සත් ජාතීන්ගේ අනුබද්ධ සංවිධානවලට මෙම සිදුවීම දැන්වූවද ඇගේ ලිපි ලද බව දැන්වීමකට වැඩි දෙයක් සිදුවී නැත. පසුකාලීනව නිදහස් වූ ප්‍රදේශයේ තරුණ පිරිසක් ඇයට පවසා ඇත්තේ, ගජබා රෙජිමේන්තුව යටතේ විජය විද්‍යාලයේ සිට ක්‍රියාත්මක වූ 'රෙඩ් බානා කඳවුරට' ඔවුන් සමග ඇගේ පුතුන් දෙදෙනාද රැගෙන ගිය බවය. එසේම ඔවුන් කියා ඇත්තේ, ඒ යටතේ වධ කඳවුරක් ක්‍රියාත්මක වූ බවය.

චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරිය බලයට පැමිණීමෙන් පසු අතුරුදන්වූවන්ට මරණ සහතික නිකුත් කරන බව පැවසූවද තමන් තම අතුරුදහන් වූ දරුවන් වෙනුවෙන් මරණ සහතික ලබාගැනීම ප්‍රතික්ෂේප කළ බව කියන ඇය, " මම මේ කතාව කියන්න ඉස්සරට ආවේ, මගේ දරුවන් වෙනුවෙන් යුක්තිය ඕනෙ නිසා. සාධාරණත්වය ඉටුවෙයිද කියලා මම දන්නෙ නැහැ." ඇය කියයි.

වසර ගණනාවකට පසු මාතලේ එජාප ප්‍රබලයෙකු වන ඇලික් අලුවිහාරේ ඇය හමුවී දරුවන් දෙදෙනා ගැන තමන්ට නොකීවේ මන්දැයි ඇයගෙන් අසා තිබේ. එසේ කීවානම් ඔවුන් බේරා ගත හැකිව තිබූ බව ඔහු ඇයට කියා තිබේ. "ඒත් මම අපරාධ කරන්න නියෝග කරපු එවුන්ගෙන් උදව් ඉල්ලන්නෙ කොහොමද. මේ අපරාධ කෙරුණෙ එයාලාගේ අනුදැනුම යටතේ." ඇය වැඩිදුරටත් කියයි.

අනුග්‍රහය - සිලොන් ටුඩේ (2013 අ‌ප්‍රේල් 07)





Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us