ශ්‍රී ලංකා රජයට විරෝධය පළ කරමින් උපවාසයකට සහය දැක්වීමට දකුණු ඉන්දිය ජනප්‍රිය රංගන ශිල්පීන් තිදෙනෙකු වන රජිනිකාන්ත්, කමල් හසන් සහ විජෙයි ඇතුළු පිරිසඋපවාසයක් ආරම්භ කරයි.
ඒ අනුව කමල් හසන්, රජිනි ඛාන්ත්, විජේ ඇතුළු නළු නිළියන් රැසක් දැනට චෙන්නායි හි කි‍්‍රයාත්මක උපවාසයට එක්වන බව සඳහන්ය.
කොටි හිතවාදී දේශපාලන පක්ෂවල මෙහෙය වීමෙන් තමිල්නාඩුවේ ශ්‍රී ලංකා විරෝධී උපවාසය පැවැත්වෙන්නේ පසුගිය මාර්තු 19 වැනිදා සිටයි.මේ සම්බන්ධයෙන් දකුණු ඉන්දීය නළු නිළි සංගමයේ සභාපති සරත් කුමාර් හා මහලේකම් රාධා රවී යන දෙදෙනාගේ අස්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයේ දැක්වුනේ
දකුණු ඉන්දීය නළු නිළි සංගමය සහ දෙමළ කලා ලෝකය ශ්‍රී ලාංකික දෙමළ ජනතාවට සහයෝගය දක්වමින් අපි උපවාසයක් පවත්වමු. දකුණු ඉන්දීය නළු නිළි සංගමයේ සභාපති සරත් කුමාර්ගේ ප්‍රධානත්වයෙන් මහ ලේකම් රාධා රවි, භාණ්ඩාගාරික වාගෙයි චන්ද්‍රසේකරන් යන අය මෙහි මූලිකත්නය ගන්නේය..
ශ්‍රී ලංකාවේ වාර්ගික යුද්ධයේදී පීඩාවට පත් ඥාතීන් හට දෙමළ ජනතාවට ආරක්ෂාකාරී, නිදහස් ජීවිතයක් වෙනුවෙන් අප්‍රේල් 2 වෙනිදාත්යාගනගර් අබ්දුල්ලා මාවතේ, දකුණු ඉන්දීය නළු නිළි සංගම් ශාලාවේදී පෙරවරු 9 සිට ප.ව. 5 දක්වා අපේ විරෝධතා උපවාසය සාර්ථක කරගන්න එක්වන්න යනුවෙනි.
මේ උපවාසය සඳහා දකුණු ඉන්දීය චිත්‍රපට නිෂ්පාදක සංගමය, කිල්ඩු චිත්‍රපට අධ්යක්ෂ සංගමය, සිනමා සේවක කම්කරු හා ඛෙදා හරින්නන්ගේ සංගමය, චිත්‍රපට හිමිකරුවන්ගේ සංගමය, රූපවාහිනී නිෂ්පාදන කලාකරුවන්ගේ අධ්‍යක්ෂවරුන්ගේ නළු නිළි සංගම්වල සියලු දෙනා සහභාගි වන බව වාර්තා වන අතර මේ නිසා අද සියලූම ෂූටින් අවලංගු කර ඇති බවද පැවසුණා.
gossiplanka