දෙපාර්ශවය සමථයට පත් වේ..
පසුගියදා බොරලැස්ගමුව පැපිලියාන ෆැෂන් බග් රෙදිපිලි ආයතනයට පහරදීම සම්බන්ධයෙන් හිමිවරු තෙනමක් ඇතුලූ තවත් පුද්ගලයින් දෙදෙනෙකු මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත .
මෙම කලහකාරී තත්ත්වය මැඩපැවැත්වීමට පැමිණි සහහාර පොලිස් අධිකාරීවරයකුගේ රාජකාරී වලට බාධා කර එම පොලිස් නිලධාරියාගේ හිස්වැසුමද විසිකොට කලහකාරී ලෙස හැසිරුණේ යැයි මේ හිමිවරු තෙනම මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයට පැමිණ භාරවීමෙන් පසුව අත්අඩංගුවට ගැන ඇත.
මේ අතර අද ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙම පැමිණිල්ල අද යළිත් කැඳවනු ලැබූ අවස්ථාවේ පැමිණිලි පාර්ෂවයේ ඉල්ලීමක් අනුව එය සමථයකට පත්කර ගැනීමට පාර්ශ්ව දෙකම කැමැත්ත පල කර ඇත. ඒ අනුව ස්වාමීන් වහන්සේ ඇතුලු 17 දෙනාම අද අධිකරණය හමුවේදී දැඩි ලෙස අවවාදකර මුදා හැර තිබේ.
ඉකුත් 28 වන බ්‍රහස්ප්‍රතින්දා රාත්‍රීයේ පැපිලියාන පිහිටි ෆැෂන් බග් රෙදිපිළි සාප්පුවකට කිසියම් පිරිසක් විසින් පහරදීම නිසා එම වෙළඳසැලට බරපතළ හානි සිදුවිය...එම ප්‍රහාරයට තම සංවිධානයේ කිසිදු සම්බන්ධයක් නැති බව බොදු බල සේනා සංවිධානය මාධ්‍ය හමුවක් කැඳවමින් පවසා තිබිණි.
පැපිලියානේ පිහිටි ෆැෂන් බග් වෙළඳසැලට ගම්මුන්ගෙන් ප්‍රහාරයක්..