නෝ ලිමිට් යන්න – කුණු බිත්තර කන්න..
අකිල ධනංජය, නුවන් කුලසේකරත් හා තරගාවලිය ප්රතික්ෂේප කළ දිනේෂ් චන්දිමාලූත් හැර සෙසු ඉතිරි ශ්රී ලාංකික ක්රීඩකයින් 11 දෙනා අයි.පී.එල් ක්රිකට් තරගාවලියට සහභාගීවීමට කැමැත්ත පලකර ඇතැයි ශ්රී ලංකා ක්රිකට් වැඩබලන ප්රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා පවසයි.
ලසිත් මාලිංග,තිලකරත්න ඩිල්ෂාන්,කුමාර් සංගක්කාර,මහේල ජයවර්ධන,අජන්ත මෙන්ඩිස්,ඇන්ජලෝ මැතිව්ස්,තිසර පෙරේරා,මුත්තයියා මුරලිදරන්,ජීවන් මෙන්ඩිස්, කුසල් ජනිත්, හා සචිත්ර සේනානායකයන ක්රීඩකයින් මෙවර IPL තරඟාවලිය සඳහා සහභාගී වීමට තීරණය කර තිබේ.
ඔවුන් ලිඛිතව ඒ ගැන දැන්වූ බව ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ වැඩබලන ප්රධාන විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වා මහතා මේ බව කියයි.
ඉන්දීය ප්රීමියර් ලීග් තරඟාවලිය සඳහා මෙරට ක්රීඩකයින් 11 දෙනෙකු ඒ අනුව සහභාගී වීමට නියමිතය.
IPL තරඟාවලිය සඳහා සහභාගී වන ශ්රී ලාංකික ක්රීඩකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පපසුගිය දිනවල දැඩි කතා බහක් ඇතිවිය.
ඊට හේතුව එම තරඟවලට ශ්රී ලාංකික ක්රීඩකයින් සහභාගී කර නොගත යුතු බවට තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා ජයරාම් පසුගියදා කර ඇති ප්රකාශයකි.
IPL තරඟාවලියේ 6 වන අදියර ලබන 3 වනදා ආරම්භ වන අතර මෙම තරඟාවලියට සහභාගී වන ලෙසට ශ්රී ලාංකික ක්රීඩක දිනේෂ් චන්දිමාල්ට ද පසුගිය දිනෙක ලද ආරාධනයක් ඔහු ප්රතික්ෂේප කර තිබිණි.
නුවන් කුලසේකර හා අකිල ධනංජය එම තරගාවලියට සහභාගි වනවාද නැද්ද යන්න දැනුම්දීමක් කර නැත.
බොදු බලසේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් පවසා සිටින්නේ මෙවැන්නක්
"රට වෙනුවෙන් උබලා සෙල්ලම් කරන්නේ, අපි අත් පුඩි ගහන්නේ. ජාතියක් මුළු කාලය වැය කරලා උබලට හයිය දෙන්නේ, හදවතින් ආශිර්වාද කරන්නේ රට වෙනුවෙන් සෙල්ලම් කරන හිංදා. මේ තරම් ජාතියට නිගා දෙද්දී සල්ලි පොට්ටනි දිහා බලාගන ජාතිය පාවලා දීලා ගිහින් කටුනායකින් කුණු බිත්තර කන්න එපා කියලා කියනවා මේ ක්රීඩකයන්ට...
එම වීඩියෝව පහතින්.
මේඅතර කුරුණෑගල ‘නෝ ලිමිට්‘ ආයතනයට ගිය පිරිසකට කුණු බිත්තර ප්රහාරයක් එල්ල වී ඇත. එම බිත්තර ප්රහාරයට ලක්වූ පිරිසගේ ඡායාරූප ෆේස්බුක් හරහා මේ වන විට ප්රචාරය වෙමින් පවතී.
තවද ඔවුන් පවසන්නේ නෝ ලිමිට් හා ෆැෂන් බග් යන පිරිසට දිගින් දිගටම මෙසේ කුණු බිත්තර ප්රහාර එල්ල වන බවයි. එමෙන්ම කිසිවෙකුගේ අතේ එම සාප්පු දෙකේ බෑග් තිබුණත් මෙම ප්රහාරයන්ට ලක්වීමට සිදු වන බවත් පොලිස් රැකවල් කොපමණ තිබ්බත් ජාතිය පාවා දෙමින් මෙම සාප්පු වලට යන්නන්ට අද කුණු බිත්තර වූවත් හෙට අසූචි ප්රහාර පවා එල්ල වීමට ඉඩ ඇති බවත්ය.