මාතලේ සමූහ මිනී වල 87 - 90 කාලයට අයත් බව හෙළිවේ.
මාතලේ මිනීවළ ගැන පරීක්ෂාවට ජනපති කොමිසමක්................
පොලීසියට අමතරව විශේෂ විමර්ශනයකට..
1986-90 කාලයේ ඇටසැකිලි බවට නිගමන මාතලේ සමූහ මිනීවල සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා කොමිසමක් පත්කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇත. එම සමූහ මිනීවල සම්බන්ධයෙන් සිදුකෙරෙන පොලිස් පරීක්ෂණවලට අමතරව පූර්ණ විමර්ශනයක් වෙනුවෙන් මේ කොමිසම පත්කිරීමට ජනාධිපතිවරයා තීරණයකර තිබෙන බව ජනාධිපති ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පැවසීය.
මේ අතර ඒ මහතා සඳහන් කළේ මෙම ජනාධිපති කොමිසම සඳහා පත්කරන පාර්ශ්වයන් මෙන්ම එහි ප්‍රධානත්වය සහ ක්‍රියාත්මක වන ආකාරය ආදිය සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම්දෙන බවයි.
මාතලේ දිසා මහ රෝහල් භූමියෙන් හමුවූ සමූහ මිනීවලෙන් ගොඩනැඟුණු මිනිස් ඇටසැකිළි 1986 - 1990 කාල පරාසයේ ඝාතනයට ලක්ව වැළලුණු පිරිසකගේ ඇටසැකිළි බවට කැළණිය විශ්ව විද්‍යාලයේ පුරා විද්‍යා පශ්චාත් උපාධී ආයතනය මඟින් නිගමනයකට පැමිණ තිබෙන අතර මේ සම්බන්ධයෙන් පොලීසියද විශේෂ විමර්ශනයක් ආරම්භකර තිබේ.
මේ දක්වා සිදුකෙරුණු පරීක්ෂණ සම්බන්ධයෙන් පිටු 54 කින් යුතු වාර්තාවක් මාතලේ අධිකරණය වෙත බාරදී තිබෙන අතර පුරාවිද්‍යාවේ භාවිතා කරන ශිල්ප ක්‍රම උපයෝගීකර ගනිමින් එම රෝහල් භූමියේ වූ සමූහ මිනීවලේ තිබූ ද්‍රව්‍ය පදනම් කරගෙන ශාපෙක්ෂිත කාල නිර්ණ වාර්තාවක්ද ඉදිරිපත්කර ඇත.
මේ වාර්තාව සකස් කිරීමේදී අදාළ ආයතන කිහිපයක පරීක්ෂණ වාර්තා ලබා ගැනීමට නොහැකි වූ නමුත් ඒ හා සමාන ආයතනවලින් දත්ත ලබාගෙන විධීමත් පරීක්ෂණයකින් අනතුරුව මේ වාර්තාව ඉදිරිපත් කළ බව කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව මහතා ප්‍රකාශ කරයි.
මේ සමූහ මිනීවල කැණීමේදී විවිධ වර්ගයේ ද්‍රව්‍ය රැසක් හමුවී තිබෙන අතර ලෝහමය මුදු දෙකක්, කාසි කිහිපයක්, ප්ලාස්ටර් කැබැල්ලක්, බොත්තමක්, අඟුරු, සහ රසායනික ද්‍රව්‍යවලින් සමන්විත හිස් බෝතලයක් ඒ අතර වෙයි. මේ ප්ලාස්ටර් කැබැල්ල 1986 වසරේදී එංගලන්තයේ බර්න් බන්ඩ් සමාගම විසින් නිෂ්පානය කරන ලද්දක් සහ රසායනික ද්‍රව්‍ය පැවැති බෝතලය 1989 වසරේදී මාතලේ රෝහලේ තිබූ එකක් බවට තහවුරු කරගෙන ඇත.
මේ ද්‍රව්‍යමය වස්තු සම්බන්ධයෙන් පුරාවිද්‍යාවේ ක්‍රමවේදයන්, තාක්ෂණය සහ න්‍යායන්වලට අනුව සිදුකරන ලද විධීමත් පරීක්ෂණයන්ට අනුව මෙහි අස්ථි පිළීබඳව නිගමනයකට එළඹ තිබේ.
මාතලේ දිස්ත්‍රික් මහ රෝහල් භූමියේ ජීවවායු ජනකයක් ඉදිකිරීමට අත්තිවාරම් කැපීමේදී පසුගිය 2012 වසරේ නොවැම්බර් මස 26 දා මේ සමූහ මිනිස්වල මතුව තිබෙන අතර කැලණිය විශ්වවිද්‍යාලයේ පුරා විද්‍යා පශ්චාත් ආයතනයට අමතරව මාතලේ දිසා මහරෝහලේ අධිකරණ වෛද්‍ය අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෝහාරික වෛද්‍ය අංශය, පරමාණුක බලශක්ති අධිකාරිය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීය.
මේ සමූහ මිනීවලෙන් මතුවුණු සියලුම අස්ථි කොටස් සිතියම්ගත කොට ගොඩනැඟුණු මිනිස් ඇටසැකිළි කොටස් ප්‍රමාණය 155 ක් වන අතර එහි තිබූ හිස්කබල් ප්‍රමාණය 81 ක් වෙතැයි අනාවරණය වෙයි.
මේ සම්බන්ධයෙන් ප්‍රදේශයේ වියතුන් විවිධ මත පළකර තිබෙන අතර 1848 මාතලේ කැරැල්ලේදී ඝාතනය වූ දේශප්‍රේමීන්ගේ සබඳතාවක් හෝ 1915 ඇතිවුණු සිංහල - මරක්කල කොලාහලයේදී මියගිය පිරිසගේ සබඳතාවක් මේ සඳහා ඇතැයි මත පළකර තිබේ. ඊට අමතරව 1947 වසරේදී මාතලේ ප්‍රදේශයේ පැතිරගිය වසූරිය වසංගතයට ගොදුරුව මියගිය පිරිසගේ ඇටසැකිළි වියහැකි බවටද මතයක් ඇත.
භීෂණයේ අවතාර යළි කරළියට...
2013-04-08T12:03:00+05:30
k2
Gossip Lanka|Murder Cases In Sri Lanka|