මේක රාජ්‍යයන් දෙකක් අතර ගැටලුවක් නෙවෙයි - සංගක්කාර..
මාලිංගට තුවාලයි අයි.පී.එල්. පලමු තරගය අහිමියි..
ඉන්දියාව යනු චෙන්නායි හෝ තමිල්නාඩුව නොවන බවත් දේශපාලනය නිසා ක්‍රීඩාවට හානියක්, බාධාවක් සිදු නොවිය යුතු බවත් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර අයිපීඑල් තරගාවලියේ සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායමේ නායකයා වශයෙන් කටයුතු කරන අතරතුර ඉන්දීය මාධ්‍ය හමුවේ අදහස් දක්වා ඇත.
තමන් අයිපීඑල් සඳහා පැමිණියේ ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට බවත් මේ ඇතිව තිඛෙන ප්රශ්නය රාජ්‍යයක් හා තවත් රාජ්‍යයක් අතර ප්‍රශ්නයක් නොවන බවත් හෙතෙම ප්‍රකාශ කර ඇත.
චෙන්නායිවල ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයද අවසර දී නැති බව ප්‍රකාශ කළ සංගක්කාර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට පනවා ඇති තහනම පිළිබඳ සමස්ත තමිල්නාඩුවම අනුමත කරන්නේද යන්නත් සොයාබැලිය යුතු බව ප්‍රකාශ කළේය...
වැඩිදුරටත් අදහස් දැක්වූ සංගක්කාර
ක්‍රිකට් ක්‍රීඩාවේ තිබෙන එකමුතුබව මෙවන් සිදුවීම් වලින් නවතන්න බැහැ. ක්‍රිකට් පාලක මණ්ඩලය පැහැදිලිවම කිව්වා කිසිම ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු චෙන්නායි හි ක්‍රීඩා නොකරන බවට. ඉන්දියාව කියන්නේ චෙන්නායි , තමිල්නාඩුවට වඩා දෙයක් කියලයි මම හිතන්නේ.
තමිල්නාඩුව හැර සමස්ත ඉන්දියාවම අපව පිළිගත්තා. මේක රටවල් දෙකක් අතර ඇතිවුන් ප්‍රශනයක් නෙවෙයි. එක් ප්‍රාන්තයක් පමණයි ගැටලුව වුයේ. මෙය රටවල් දෙකක් අතර ගැටුමක් වුයේ නම් ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් සහභාගි නොවීමට ඉඩ තිබුනා.
මාලිංගට තුවාලයි අයි.පී.එල්. පලමු තරගය අහිමියි..
මේ අතර මාලිංගගේ සිරුරේ පසුපස පෙදෙසේ ආබාධ තත්වයක් මතුව ඇති නිසා වෛද්‍ය උපදෙස් මත තවමත් ලංකාවේ විවේක ගන්නා ඇති අතර 5 වනදා හෙට ඉන්දියාවට යාමෙන් පසු තත්වය හොඳ නම් ඉදිරි තරග වලට ක්‍රීඩා කරන්නට බලාපොරොත්තු වන බවද වාර්තා වනවා.
රෝයල් චැලේන්ජර්ස් බැංග්ලොර් කණ්ඩායම සමග අද පැවැත්වෙන තරගයට ක්‍රිඩා කිරීමේ අවස්ථාව වේගපන්දු යවන කී‍්‍රඩක ලසිත් මාලිංගට අහිමි වී තිඛෙනවා. ඒ ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙන්. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරන ලසිත් මාලිංග අයි.පී.එල් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම කඩුළු ලාභියායි. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක රිකී පොන්ටින් සඳහන් කළේ මාලිංගගේ පුරප්පාඩුව සඳහා මිචෙල් ජොන්සන් හෝ මුනාෆ් පටෙල් යන ක්‍රිඩකයින්ගෙන් අයෙකු අද තරගයේදී ක්‍රිඩා කරන බවයි.
රාවණා බලය ශ්‍රී ලංකා ක්‍රිකට් වටලති
තවද මවුබිම පාවාදී ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟායලියට සහභාගී වී සිටින ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්ට විරෝධය පල කිරීම සඳහා ඊයේ රාවණා බලය සංවිධානය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට විරෝධතාවයක් දියත් කලේය.
එහිදී පිරිස ඇමතූ සංවිධානයේ මහ ලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පැවසුවේ තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්ට මව්බිම අමතක වි ඇති බවත් ඔවුන්ගේ ජිවිත පාඨය මුදල් වී ඇති බවත්ය.
මෙම පාවාදීමේ විපාකයන්ගෙන් එම තරගාවලියට එක්ව සිටින කිසිඳු ශ්‍රි ලාංකික ක්‍රීඩකයෙකුට ගැලවි යා නොහැකි බව ද පැවසූ උන්වහන්සේ ක්‍රීඩකයින් පමණක් නොව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද මුදලට යටවී සිටින බවද කියා සිටියහ.
සංගක්කාරගේ අදහස් දැක්වීම පහතින් නරබන්න
ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්ගේ අදහස් දැක්වීම පහතින් නරබන්න