කොළඔ හිල්ටන් ජැයික් රථ ගාලේදී හමුදා මේජර්වරයකුට පහරදීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ඇමති මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා ඇතුළු 7 දෙනෙකු අධිකරණයෙන් නිදහස් කර තිබේ...
අදාළ නඩුව අද (03) කොටුව මහේස්ත්රාත් අධිකරණය හමුවේ විභාග කෙරුණු අවස්ථාවේ දී මෙසේ සැකකරුවන් නිදහස් කළ බව සඳහන් කරයි.
පසුගිය සැප්තැම්බර් 08 වනදා කොළඔ හිල්ටන් ජැයික් රථ ගාලේදී යුද හමුදා මේජර්වරයෙකුට පහරදුන් බවට මාලක සිල්වා ඇතුළු පිරිසකට එරෙහිව චෝදනා එල්ල වී තිබිණි.
කෙසේ වෙතත් ඔවුනට නඩු පැවරීමට තරම් සාක්ෂි නොමැති බවත් නීතිපතිවරයා විසින් ඔවුන් නිදහස් කරන ලෙස උපදෙස් දී ඇති බවත් සඳහන් කරමින් කොටුව මහේස්ත්රාත්වරයා විසින් මෙම පරිසි නිදහස් කිරීමට පියවර ගෙන තිබේ.