කූරගල රකින්නට ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරමුණ ගනී...
ඉස්ලාම් ආගමිකයන් විසින් කලක් අත්පත් කරගෙන සිටි කුරගල බෞද්ධ සිද්ධස්ථානය මේ වනවිට නැවතත් බෞද්ධයන් වෙත නිතියානුකුලව ලබාගෙන ඇත...
දිගු කලක් මුළුල්ලේ ඉස්ලාම් ආගමිකයන් සහ බෞද්ධයන් අතර පැවති මතබේදය නිමා කරමින් කූරගල ඓතිහාසික පූජා භූමිය බෞද්ධයන් සඳහා වෙන් කර දීමට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ...
තවද නාගරික සංවර්ධන සහ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කූරගල පූජාභූමිය පුරාවිද්‍යා වටිනාකමක් ඇති ස්ථානයක් ලෙස සංරක්ෂණය කිරීමට අවශ්‍ය පියවර ගන්නැයි පුරාවිද්‍යා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
ඊයේ(08) පස්වරුවේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ආරක්ෂක අමාත්‍යාංශ නිලධාරීන්, සිංහල රාවය ජාතික සංවිධානය, බොදු බල සේනා සංවිධානය සහ ඉස්ලාම් ආගමික සංවිධාන නියෝජිතයන් අතර පැවති සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.
ඒ අනුව අක්කර 52ක් වූ කූරගල බෞද්ධ පූජා භූමිය ලබන වෙසක් මාසයේ පටන් මුළුමනින්ම බෞද්ධ පූජා භූමියක් බවට පත් වෙනු ඇති අතර දැනට එහි ඉදිකර ඇති ඉස්ලාම් ආගමික ඉදිකිරීම් සියල්ල ඒ ආසන්නයේම ඇති වෙනත් වෙන් කල භූමියක් වෙත ගෙන යාමට දැනුම් දී ඇත.