විදේශිකයන් පිටවෙනු - උතුරු කොරියාවෙන් දැනුම් දීමක් ...
ශ්‍රී ලාංකිකයන් ඇතුළු සියලුම විදේශිකයන්ට හැකි ඉක්මනින් දකුණු කොරියාවෙන් ඉවත් වන්නැයි උතුරු කොරියාව ඊයේ (9) අනතුරු අඟවා තිබේ..
දකුණු කොරියාවේ රැකියාවට ගොස් සිටින විදේශිකයන් අතර විසිපන්දහසක පමණ ලියාපදිංචි ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිරිසක් සිටින බව ශ්‍රී ලංකා විදේශ නියුක්ති කාර්යාංශයේ සභාපති අමල් සේනාධිලංකාර මහතා පවසයි.
ලියාපදිංචිය ලබා සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසට වඩා වැඩි පිරිසක් දකුණු කොරියාවේ පදිංචිව සිටින බව දැනගන්නට ලැබී තිබේ...
මේ අතර ඇමැති ඩිලාන් මහතා පවසා සිටින්නේ දකුණු කොරියාවේ රැකියා සඳහා ගිය ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට මෙතෙක් කිසිදු යුදමය අවදානමක් මතු වී නොමැති බවත් එහෙත් කිසියම් අනපේක්ෂිත තත්ත්වයක් මතු වුවහොත් ඔවුන්ගේ ආරක්ෂාව මුළුමනින්ම තහවුරු කිරීම සඳහා ඊට අදාළව කටයුතු කිරීමටත් එහිදී ජාත්‍යන්තර සංක්රමණිකයින්ගේ සංවිධානයේ සේවය ලබා ගැනීම සඳහා ඔවුන් හා සාකච්ඡා කර තිබෙන බවයි..
ඒ අනුව දකුණු කොරියාවේ කිසියම් ගැටලුවක් මතු වුවහොත් එහි රැකියා කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් වෙනත් ආරක්ෂිත නගරයකට ගෙන යාමටත් අවශ්‍යම වුවහොත් ඔවුන් ශ්‍රී ලංකාවට රැගෙන ඒමටත් කටයුතු කරන බවයි ඔහු සහතික කර සිටියේ.