Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

සිංහල රාවයට ජනපතිගෙන් පොරොන්දුවක්...

ශ්‍රී ලංකාවේ ගව ඝාතනය නැවැත්වීම සඳහා මාස දෙකක් ඇතුලත නීති සම්පාදනය කරන බව ජනාධිපතිවරයා දැනුම් දුන්නේ යයි සිංහල රාවය සංවිධානය පවසයි.

ගව ඝාතනයට එරෙහිව එම සංවිධානය දකුණෙන් ඇරැඹු පා ගමන අරලියගහ මන්දිරය අසලින් අවසන් වූයේ අත්සන් දස ලක්ෂයක් සහිත පෙත්සමක් ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත භාරදීමෙන්.

එහිදී ජනාධිපතිවරයා තමන්ට එම පොරොන්දුව දුන් බවයි සිංහල රාවය ජාතික සංවිධානයේ සභාපති අක්මීමන දයාරත්න හිමියෝ පවසා සිටියේ .
දකුණේ සිට පා ගමනින් පැමිණෙන අතරවාරයේ තංගල්ල ප්‍රදේශයේ රජයේ අවසර ලත් ගව මස් අලෙවි හලකට ප්‍රහාරයක් එල්ල කළ බවට කෙරෙන චෝදනාව ප්‍රතික්ෂේප කළ එහිමියෝ එම සිදුවීම හෙලා දකින බවද කියා සිටියේය.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us