Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

ලොතරැයි දිනුමට බිරිඳ හා සැමියා කඹ අඳි..
ලොතරැයි මණ්ඩලේ අමාරුවේ...

දරුවගේ කේන්දරයට අනුව මැයි මස ඇදුනු රුපියල් දස ලක්‌ෂයක දිනුමක්‌ හිමිව ඇති ලොතරයි පතකට බිරිඳ හා සැමියා දෙදෙනාම වෙන් වෙන්ව අයිතිවාසිකම් කීම නිසා ජාතික ලොතරැයිපත් මණ්‌ඩලය මගින් එම දිනුම ලබාදීම නවතා අයිතිය තහවුරු කරන ලෙස දැනුම් දීමෙන් පසු දෙදෙනාම ගම්පොළ පොලිසිය වෙත මේ සම්බන්ධව පැමිණිලි කොට තිබේ.

බිරිඳ පවසන්නේ තමාගේ පුතුගේ අකුරු කියවන නැකත හැඳීමේදී එම දරුවා ඉතා වාසනාවන්ත යෑයි පැවසීම නිසා ඔහුගේ නමට අනුව වයි අක්‌ෂරයේ ලොතරැයියක්‌ මිලදී ගත් බවයි.
එදින රාත්‍රියේ රූපවාහිනිය මගින් දිනුම් අදින අවස්‌ථාවේ ගම්පොළ ප්‍රදේශයට රුපියල් දස ලක්‌ෂයක ත්‍යාගය හිමිව ඇති බවත් එහි තමා ගත් ටිකට්‌ පතේ සඳහන්ව තිබූ බවත් ඇය පවසයි.එම ටිකට්‌ පත ස්‌වාමිපුරුෂයා සොරාගෙන දැන් එය ඔහුගේ බව පවසන බව පොලිසිය වෙත පැමිණිලි කරමින් සඳහන් කරන්නීය.

සැමියා පවසන්නේ තමා ගත් ටිකට්‌ පත ඔහුට නින්ද ගිය පසු බිරිඳ සොරාගෙන එහි ඡායා පිටපත්ද රැගෙන ලොතරැයි මණ්‌ඩලයට යවා ඇති බවයි.මෙම ආරවුල ජාතික ලොතරැයි මණ්‌ඩලයට දැන්වීමෙන් පසු එම ත්‍යාග මුදල දීම නවතා දමා ඇත. පසුගිය මැයි මස 15 වන දින දිනුම් හිමිව ඇති මෙම ටිකට්‌ පත සඳහා අද වනතුරු දිනුම් ලබාදීම සිදුව නැත්තේ මෙම ආරවුල විසඳී නොමැති නිසා බව පරීක්‍ෂණ පවත්වන ගම්පොළ පොලිසිය සඳහන් කරයි.

ගම්පොළ, කහටපිටිය, ඉලංගවත්ත පදිංචි මෙම අඹුසැමි යුවළ සඳහා තෑගි මුදල සමසේ බෙදා ගන්නා ලෙසත් එසේ නොමැති වුවහොත් මාස 6 ක්‌ ගත වනවිට එම මුදල අහිමි වන බවත් පැවසුවත් එයට ද මොවුන් එකඟතාවක්‌ ඇති කර ගැනීමට අකමැත්ත ප්‍රකාශ කර සිටියෙන් මේ පිළිබඳව පුළුල් පරීක්‌ෂණයක්‌ කිරීමටද ගම්පොළ පොලිසිය පියවර ගෙන තිබේ.

සහකාර පොලිස්‌ අධිකාරි චූලනි වීරරත්න, ගම්පොළ පොලිස්‌ ස්‌ථානාධිපති චන්ද්‍ර ජයවීර යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත පී.ඩබ්. එස්‌. බී. පලිපාන, පො.කො. (42451) දිසානායක ඇතුළු නිලධාරීන් කණ්‌ඩායමක්‌ පරීක්‌ෂණ පවත්aවති.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us