Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

තරුණිය පමණක් දේවාලය තුළ තිරය පිටුපසට අරන්...
ඇඟේ පැය භාගයකට වැඩි කාලයක් තෙල් ගාලා අතගාලා...

කළුකුමාර දෝෂය දුරු කර ගැනීමට දේවාලයක පිහිට පතා ගෙන ගිය තරුණියට (17) අතවර කිරීමට තැත් කළැයි කී කපුවකු (51) පසුගිය 27 වනදා කහතුඩුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත්බව කියයි.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේයි..

නිරතුරුවම සෑදෙන උදරයේ වේදනාව හිනෙන් බයවීම නිසා ඥාතියකු මාර්ගයෙන් දුර බැහැර ප‍්‍රදේශයක දේවාලයකට ගිය තරුණිය එම දේවාල කපුවා ආරූඪයෙන් පැවසූ ප‍්‍රතිකර්මය කිරීම සඳහා පොල්ගස් ඕවිට ප‍්‍රදේශයේ දේවාලයකට ගිය දෙවන දිනයේ දී මෙම අතවරය වී ඇතැයි පොලිසිය කියයි.

සැකකාර කපුවා තරුණියට පළමු දවසේ තෙල් වර්ගයක් ඇඟ ගිල්වීමෙන් අනතුරුව රතු පාටට හුරු පැදුරක් රතු රෙද්දක් පාට හතකින් යුත් චීත්ත රෙද්දක් පාට හතකින් යුත් මල් එක නැට්ටේ දෙහි ඇතුළු විවිධ දෑ ඇතුළත් ලැයිස්තුවක් ලබාදී කෙම්මුර දිනයක නා පිරිසුදු වී පැමිණෙන ලෙස දන්වා ඇතැයි තරුණිය කළ පැමිණිල්ලේ සඳහන් වනබව වාර්තා වේ.

කපුවාගේ උපදෙස් පරිදි ඔහු ලවා භාණ්ඩ ලැයිස්තුවේ සියලූම භාණ්ඩ රැගෙන සහෝදරයාත් සමග දේවාලයට ගිය තරුණිය පමණක් දේවාලය තුළ තිරය පිටුපසට ගෙන යට ඇඳුම් ගලවා දමා කෙම කිරීමට සූදානම් වන ලෙසත් රතු රෙද්ද ඇඟෙහි දවටා ගෙන ගෙන එන ලද පැදුර එලා චීත්ත රෙද්ද දමා සැතපෙන ලෙස පවසා සැකකාර කපුවා තිරය පිටුපස හිඳ ස්ත්‍රෝත කියමින් හලං නාද කර ඇතැයි පොලීසිය පවසා තිබේ.

අනතුරුව තරුණිය අසලට ගොස් ඇති කපුවා දෙහි ගෙඩි ගෙන හිසට උදරයට හා පාදයට තබා දෙහි කපා ඇත. පසුව සැකකාර කපුවා තෙල් වර්ගයක් තරුණියගේ ඇඟේ පැය භාගයකට ආසන්න කාලයක් ගා පිරිමැද ඇතැයි පොලීසිය පවසා ඇත. ටික වේලාවකට පසුව සැකකාර කපුවා තරුණියගෙන් ශරීරයට යම් වෙනසක් දැනෙනවාදැයි ප‍්‍රශ්න කර ඇති අතර අනතුරුව තෙල් ගල්වා ඇතැයි ද පැමිණිල්ලේ සඳහන් වන බවද වාර්තා වේ.

දේවාලය තුළදී වූ සිද්ධිය නිවැසියන්ට පවසා ඇති තරුණිය ඔහුන්ගේ උපදෙස් මත මෙම පැමිණිල්ල කර ඇතැයි පොලීසිය සඳහන් කර තිබේ.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us