
සුප්‍රසිද්ධ ජාත්‍යන්තර ටයිම්ස් සගරාවේ ජූලි කලාපය ශ්‍රී ලංකාවේ තහනම් කර ඇතැයි වාර්තා වේ.මියැන්මාරයේ භික්ෂුවක වන අශින් විරතු (Ashin Wirathu) හිමියන් නායත්වය දෙන බුඩිස්ට් - 969 නම් සංවිධානය ශ්‍රී ලංකාවේ බොදුබල සේනා සංවිධානයට සමානකරමින් පල කර ඇති ආන්දෝලනාත්මක ලිපියක් හේතුවෙන් මෙම තහනම කර ඇතැයිද එහි දැක්වේ.
ටයිම්ස් සගරාවේ ජූලි කලාපයේ මුල් පිටුව විරාත් හිමියන්ගේ රුව සහිතව මුද්‍රනය කර ඇති අතර, එහි ද ෆේස් ඔෆ් බුඩිස්ට් ටෙරර් (The Face of Buddhist Terror- බෞද්ධ ත්‍රස්තවාදයේ මුහුණුවර) යන වැකියද සදහන්ව තිබේ.
මෙම සගරාවේ පිටපතක් රේගුව විසින් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යවා ඇතැයිද මාධ්‍ය වාර්තා කර තිබනි.
කෙසේවුවද අදාල භික්ෂුවට බුරුමයේ මුස්ලිම් විරෝධී කෝලාහල දියත් කිරීම සඳහා පෙළඹවීම් කළ බවට මෙම ලිපියෙන් චෝදනා එල්ලවී තිබේ.
එම චෝදනාවලින් එම භික්ෂුව ආරක්ෂා කිරීමට බුරුම ජනාධිපතිවරයා ඉදිරිපත් වී සිටී.
එම වාර්තාව හෙළා දකින බුරුම ජනාධිපති තෙයින් සෙයින් පවසන්නේ අශින් විරතු හිමි නම රටේ සාමය සහ සමෘධිය උදෙසා වෙහෙසෙමින් සිටි බවයි.
ටයිම් සඟරාවේ මෙම ක්‍රියා කලාපය දෙපාර්ශවය අතර විශ්වාසය යළි ගොඩනැගීමේ උත්සාහය අනතුරේ හෙළීමක් ලෙස බුරුම ජනාධිපතිවරයා විසින් විග්‍රහ කරනු ලැබ තිබුනේ.
බුරුමයේ ඇතිවූ මුස්ලිම් විරෝධී කෝලාහල නිසා දස දහස් ගණන් මුස්ලිම් ජනතාව සිය ගම් බිම් අත් හැර පලා ගියහ.




