Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

ජාති ආගම් භේද නොසලකා සිංහල විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු රෝහල් සේවක සේවිකාවන් මුස්‌ලිම් කාන්තාවන්ගේ නිවුන් දරුවන් හතර පස්‌දෙනා නිරුපද්‍රිතව ලබාදෙන නමුත් ඇතැම් කුරිරු මුස්‌ලිම් වෛද්‍යවරුන්ගෙන් සහ වෛද්‍යවරියන්ගෙන් සිංහල මව්වරුන්ට

දරුවන් ලැබීමේදී කාරුණික සැලකිලි ලැබෙන්නේ නැතැයි ජාතික හෙළ උරුමයේ මධ්‍යම පළාත් මන්ත්‍රී ජාතික හෙළ උරුමයේ මහනුවර දිස්‌ත්‍රික්‌ සංවිධායක තුෂාර ස්‌වර්ණතිලක මහතා පැවසීය.

මධ්‍යම පළාත් සභාවේ පල්ලේකැලේ මූලස්‌ථානයේදී මාධ්‍ය හමුව පැවැත්විණි.
මහනුවර මහ රෝහලේදී මුස්‌ලිම් කාන්තාවකට පස්‌ නිවුන් දරුවන් ලැබීමේදී සියලු වෛද්‍ය හා සැත්කම් ආදිය සිදු කරන ලද්දේ සිංහල විශේෂඥ නාරිවේදී වෛද්‍යවරයකු හා තරුණ සිංහල වෛද්‍යවරුන් හා වෛද්‍යවරියන් කණ්‌ඩායමක්‌ බව පැවසූ තුෂාර ස්‌වර්ණතිලක මහතා සිංහල ජනතාව කිසිදු අවස්‌ථාවක ජාතිවාදීන් ලෙස කටයුතු කරන්නේ නැතැයි කීවේය.

පස්‌ නිවුන් දරු උපත ඒ පිළිබඳ මනා උදාහරණයක්‌ යෑයි ද පැවසූ තුෂාර ස්‌වර්ණතිලක මහතා එහෙත් පේරාදෙණිය ශික්‍ෂණ රෝහලට දරුවන් ලැබීම සඳහා ගොස්‌ වේදනාවෙන් හඬන සිංහල මව්වරුන්ට මුස්‌ලිම් වෛද්‍යවරියන් පහර දීම පමණක්‌ නොව අනවසරයෙන් වඳ සැත්කම් ද කරන බව කීවේය.

මීට දෙසතියකට පමණ පෙර පේරාදෙණිය ශික්‍ෂණ රෝහලේදී එවැනි අනවසර වඳසැත්කම් කිරීමක්‌ සහ ගැබිනි මවකට පහර දීමක්‌ සම්බන්ධයෙන් කළ චෝදනාවක්‌ විභාග කර වාර්තාවක්‌ ඉදිරිපත් කිරීමට පත් කළ මහනුවර මහ රෝහලේ අධ්‍යක්‍ෂවරයා තවම එම වාර්තාව ඉදිරිපත් කර නැතැයි ද ස්‌වර්ණතිලක මහතා කීවේය.

ලබන පළමු වැනිදා විශ්‍රාම යැමට නියමිතව සිටින මහනුවර මහ රෝහලේ අධ්‍යක්‍ෂවරයා ඉදිරි දෙදින තුළදී එම වාර්තාව ඉදිරිපත් නොකළහොත් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවනු ඇතැයි ද ස්‌වර්ණතිලක මහතා කීවේය.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us