Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

කුඩු ජාවාරම්කරුවෝ ඇල්ලූවොත් පොලීසියට තෑගි..
වෙලේ සුදාගේ දේපොල CIDයට තෑග්ගක් වෙයි..

පකිස්ථානයට පළාගොස් සැගවී සිටින මෙරට අංක එකේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා නැමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා රුපියල් මිලියන 185 ක දේපොලක් සොයාගෙන මුදල් විශුද්ධිකරන පනතින්

මෙරට ඉතිහාසයේ පළමු වරට එම දේපොලක් තහනම් කිරීමට පියවරගත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කණ්ඩායමකට රුපියල් මිලියන 03 මුදල් ත්‍යාගයක් පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් මහතා විසින් බෙදා දුන්නේය.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප‍්‍රධානී විශ‍්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ජයන්ත කුලතිලක මහතාට එහිදී රුපියල් ලක්‍ෂ 05 ක මුදල් ත්‍යාගයක් හිමි විය. වෙලේ සුදාගේ දේපොල සම්බන්ධයෙන් තොරතුරු ලබාදී තිබුණේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික ඔත්තුකරුවෙක් වූ බැවින් එම මුදල නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලබා දී තිබුණේ ඔත්තුකරු වෙනුවෙණි.

මෙහිදී වැඩිම ත්‍යාග මුදල හිමිවන්නේ එම විමර්ශනය භාරව සිටි පොලිස් පරීක්‍ෂක දිල්රුක්ක්‍ෂ පෙරේරාටය. එම මුදල රුපියල් ලක්‍ෂ 08 කි. එම විමර්ශනය භාරව සිටි නිළධාරීන් 07 දෙනෙකුටම මෙහිදී ත්‍යාග මුදල් පොලිස්පති අතින්ම ලබාදීම විශේෂිතය.

කොළඹ 07 ටොරින්ටන් හී පිහිටි අපරාධ ලේඛනාගාර ශ‍්‍රවනාගාරයේදී (27) පැවැති විශේෂ උත්සවයකදී පොලිස්පතිවරයා එම ත්‍යාග මුදල් බෙදා දුන්ණේය.

වෙලේ සුදා නැමැත්තාට අයත් කොළඹ 07 විජේරාම පාරේ මැකාති ටවර් හී පිහිටි තට්ටු නිවාසයක්, රාජගිරිය රෝයල් පාක් නිවාස සංකීර්ණයේ පිහිටි නිවසක්, කොල්ලූපිටිය බගතලේ පාරේ පිහිටි තට්ටුනිවාස සංකීර්ණයක නිවාස දෙකක්, පන්නිපිටිය පැලැන්වත්තේ නිවසක්, මාදිවෙල ඔබවත්තේ නිවසක්, කොළඹ 07 අනගාරික ධර්මපාල මාවතේ පර්චර්ස් 16 ක ඉඩමක්, දෙහිවල නැදිමාල පර්චර්ස් 15 ක් , ප‍්‍රාඩෝ රථයක්, බී.එම්.ඩබ්ලිව්.රථයක් රත‍්‍රන්  ග්‍රෑම් 3001 ක්,මෙන්ම රුපියල් ලක්‍ෂ 182 ක මුදලක් බැංකුගතව තිබීයදීද එම පොලිස් කළණ්ඩායම සොයාගෙන තිබිණි.

ඊට අමතරව ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි සුපිරි තට්ටු නිවාස සංකීර්ණයක නිවසක කරගෙන ගිය වෙලේ සුදාගේ මත්ද්‍රව්‍ය මධ්‍යස්ථානයක්ද මෙම පොලිස් කණ්ඩායම වටලා හෙරොයින් ග්‍රෑම්  901 ක් සමග රුපියල් අනූ ලක්‍ෂ හැත්තෑ එක් දහස් හයසිය අසූවක මුදලක්ද සොයාගෙන තිබිණි.

මෙහිදී වෙලේසුදාගේ විමර්ශන කටයුතුවල නිරතවූ කණ්ඩායමට අමතරව තවත් පොලිස් නිලධාරීන් 255 දෙනෙකුට ටද සිවිල් ඔත්තුකරුවන් 18 දෙනෙකුටද ත්‍යාග මුදල් බෙදා දුන්නේය. එසේ නිළධාරීන් 262 දෙනෙකුට සහ ඔත්තුකරුවන් 18 දෙනෙකුට බෙදාදුන් ත්‍යාග මුදල රුපියල් 6358500 කි.

කොළඹ මහාධිකරණයේ විභාගවූ නඩුවක නිසි පරිදි සාක්‍ෂි ලබාදී බස්නාහිර පළාත්බද මහාධිකරණ රෙජිස්ඨාර්වරයාගෙන් පැසසුම් ලැබූ අම්පාර පොලිස් කොට්ඨාශයේ සේවයේ නිරතව සිටින කාන්තා කොස්තාපල් රසිකා (3529) මෙහිදී පොලිස්පතිවරයාගෙන් විහේෂ ප‍්‍රශංශාවක් ලබාගත්තේය.

අරුගම්බේ දිය නාමින් සිටි 34 දෙනෙක් දිය සුලියකට හසුවී ගසාගෙන යන විට එ් අය බේරාගන්නට ක‍්‍රියාකළ අරුගම්බේ විශේෂ කාර්ය බලකායේ නිළධාරීන් 12 දෙනෙක්ද මෙහිදී පොලිස්පතිවරයාගේ ඇගයීමට ලක් විය. ඒ අය වෙනුවෙන් රුපියල් එක්ලක්‍ෂ හැත්තෑපන්දහසක මුදලක් ක්‍යාග ලෙස ලබා දුන්නේය.

තලංගම පිහිටි බැංකුවක් කොල්ලකන්නට පැමිණි කොල්ලකරුවන් පිරිසක් පොලිසියට කොටුකරදී බැංකුව ආරක්‍ෂාකර දීමට ක‍්‍රියාකළ තරුණයන් පිරිසකටද මෙහිදී ලක්‍ෂ 4 ක මුදල් තයාගයක් පිරිනැමුණු අතර එයින් ලක්‍ෂ තුනක් අදාල බැංකුව විසින් පරිත්‍යාගකර තිබීම විශේෂිතය.






Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us