Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

මහනුවර පාසල් රග්බි තරගයකදී ගැටුමක්...

ගැටුමක් හේතුවෙන් තුවාල ලැබූ කටුගස්තොට ශාන්ත අන්තෝනි හා මහනුවර කිංස්වුඩ් යන විද්‍යාලයන්හි සිසුන් 8 දෙනකු මහනුවර මහ රෝහලට ඇතුළත් කර තිබේ.

අද මෙම පාසල් දෙක අතර බෝගම්බර පිටියේ පැවති රග්බි තරඟය අතරතුරදී දෙපාර්ශවයේ සිසුන් අතර ගැටුමක් හටගත් බවත් ඉන්පසු තරඟය අත්හිටුවීමට සිදුවූ බව පවසයි.
ගැටුමෙන් තුවාල ලැබූ සිසුන් 8 දෙනකු රෝහලට ඇතුළත් කළ බවත් එයින් 7 දෙනකු 10 වෙනි වාට්ටුවේ ප්‍රතිකාර ලබන බවත් තවත් එක් සිසුවෙකු ඇස් වාට්ටුවේ ප්‍රතිකාර ලබන බවත් මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්.ජී.ඒ දිසානායක මහතා පවසයි.

කටුගස්තොට ශාන්ත අන්තෝනි හා මහනුවර කිංස්වුඩ් විද්‍යාලයන්හි බෝගම්බර පිටියේ අද පැවති තරඟය අන්තර් පාසල් ඒ.‍කොටසේ තරඟයක් ලෙස පැවති බව ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය පවසයි.

තරඟයේ අවසාන භාගයේදී ක්‍රීඩකයින් අතර මෙම ගැටුම හටගත් බවත් එයින් කිංස්වුඩ් ක්‍රීඩකයින් සිව්දෙනකු හා ශාන්ත අන්තෝනි ක්‍රීඩකයින් සිව්දෙනකු තුවාල ලැබූ බවත් ඔවුන් සඳහන් කරයි.

කෙසේ වෙතත් ගැටුම හටගත් පසු තරඟය අත්හිටුවීමට සිදුවූ බවත්  ඒ මොහොත වන විට කිංස්වුඩ් කණ්ඩායම 6 ට 5 ක් ලෙස තරඟයේ ඉදිරියෙන් සිටි බවත් ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය පෙන්වාදෙයි.

ගැටුම පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් පවත්වා තරඟය පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බව එම සංගමයේ ප්‍රකාශකයෙක් කියා සිටියේය.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us