
මහනුවර මහ රෝහලේදී අද (27) දහවල් 12 යි 07 ට පමණ ස් නිවුන් දරු උපතක් සිදුවුණා. රෝහල් බලධාරින් ප‍්‍රකාශ කළේ දරුවන් සහ මව නිරෝගී සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි.
මඩවල ප‍්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි ෆාතිමා ෆර්ජීඩියා තම පළමු දරු උපත ලෙස පස් නිවුන් දරුවන් බිහිකළේ සිසේරියන් සැත්කමක ආධාරයෙන්.
මොහොමඞ් රිනාස් නමැති 32 හැවිරිදි මෙම දරුවන්ගේ පියා මේ වනවිට විදේශ ගත රැකියාවක නිරත වනවා.
පස් නිවුන් දරුවන්ගෙන් සිව් දෙනෙකු පිරිමි ළමයින්.මෙම බිළිඳුන්ගෙන් තිදෙනෙකු මහනුවර නොමේරු ළඳරු ඒකකයේත් තවත් දෙදෙනෙකු පේරාදෙණිය ළමා රෝහලේ නොමේරු ළඳරු ඒකකයේ ප‍්‍රතිකාර ලබනවා.





.png)
.png)
.png)
.png)