ඒ සිද්ධියට අදාල නඩුව කෑගල්ල පළාත්බද මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මෙනෙවිය හමුවේ කැඳවු අවස්ථාවේදියි.
1999 වසරේ ජුනි මස 10 වැනි දින හෝ ඊට ආසන්න දිනක දී අංක 205 - 1434 දරණ ත‍්‍රීරෝද රථයේ රියදුරු පැහැරගෙන ගොස් ඝාතනය කළ බවට මෙලෙස මරණ දඩුවම නියම වුයේ බුලත්කොහුපිටිය සහ අම්බලන්පිටිය යන ප‍්‍රදේශවල පදිංචි දෙදෙනකුටයි.
මෙම නඩුවේ චූදිතයන්ගෙන් පළමු චූදිතයා වන රංගන ප්‍රසන්න පෙරේරා අද දිනයේ අධිකරණය ඉදිරියේ පෙනී නොසිටි බවත් එසේ වුවද දෙදෙනාම මෙම අපරාධයේ වරදකරුවන් බවට තීන්දු කිරීමත් සමග දෙදෙනාටම මරණ දණ්ඩනය නියමවූ බවත් සඳහන්ය.




