Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

ගුරුවරිය දණ ගැස්සවූ හිටපු මන්ත‍්‍රීට ඇප...මන්ත‍්‍රී තාත්තා ආනමඩුවේ දී පොල් ගසයි..පුත්තලමේ ගුරුවරු ලෙඩ වේ...
රු. 5000කට ගුරු ගෞරවය කෙ‍ළෙසුවා - මහින්ද ජයසිංහ

නවගත්තේගම පාසල් ගුරුවරියක වන සුසිලා හේරත් මහත්මිය දන ගැස්වීයැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ආනන්ද සරත් කුමාර රුපියල් 5000ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස ආනමඩුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා  අද (27) නියෝග කළේය.

එසේම සෑම ඉරු දිනකම නවගත්තේගම පොලිසිය හමුවේ පෙනි සිටින්නැයි ද නියෝග කෙරුණා.
ආනමඩුව මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් මෙම නඩු තීන්දුව ලබාදෙන අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අරුන්දික ප‍්‍රනාන්දු මහතා ද අධිකරණයට පැමිණි සිටි බව වාර්තා වනවා...

අද ඇප මත මුදා හැරුණු වයඹ පළාත් සභාවේ හිටපු මන්ත‍්‍රී ආනන්ද සරත් කුමාර නමැත්තා පසුව ආනමඩුව අයියනායක දේවාලය වෙත ගොස් පොල් ගසා කන්නලව්වක යෙදුණා. ඒ සිය නිර්දෝෂිභාවය රටට පෙන්වා දෙන්නැයි දෙවියන්ගෙන් ඉල්ලා සිටිමින්. ඇතැම් පිරිස් තමන් සම්බන්ධයෙන් වැරදි වැටහීමක සිටිය ද සත්‍ය දන්නා සියලූ දෙනා තමන්ට සහය දක්වන බවද ආනන්ද සරත් කුමාර හිටපු මන්ත‍්‍රීවරයා මෙහිදී කියා සිටියා.

කෙසේවෙතත් ආනන්ද සරත් කුමාර හිටපු මන්තී‍්‍රවරයාගේ මෙම කරුණු දැක්වීම ගුරු සංගම්වල අප‍්‍රසාදයට ලක්වනවා. ලංකා ගුරු  සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පැවසුවේ ඔහු ඇප මත මුදා හැරුණේ පොලිසියේ වැරදි කරුණු දැක්වීමක් නිසා අධිකරණය නොමග යාමෙන් බවයි.

ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවසූවේ රුපියල් 5000ක් වගේ අඩු ලන්සුවකට ගුරුවරුන්ගේ ගෞරවය හෑල්ලුකළ බවයි. එහිදී ඒ මහතා දැක්වූ සම්පූර්ණ අදහස් පහත පළවේ.

"පසුගිය 14වෙනිදා නවගත්තේගම නවොද්‍යා පාසලේ ගුරුවරිය දණගස්සපු මන්ත්‍රීවරයාට අද (27) ඇප ලබාදුන්නා. ඒ ඇප ලබාදීමේදී පොලීසිය විසින් උසාවියට වාර්තාකරළේ ගුරුවරුන්ගේ කිසිදු විරෝධයක් නැහැ. ඒ නිසා ඇපදෙනවාට විරුද්ධත්වයක්නැහැ කියන කරුනයි.

ඒ නිසා මේ මන්ත්‍රීවරයාට ඇපදීලා රුපියල් 5000ක් වගේ අඩු ලන්සුවකට ගුරුවරුන්ගේ ගෞරවය හෑල්ලුකරලා තිබෙනවා. නමුත් අද දවසෙත් පුත්තලම කළාපයේ පාසල් රැසක ගුරුවරු අසනීප නිවාඩු වාඩු වාර්තාකරලා මේ තුච්ච නින්දිත ක්‍රියාවට එරෙහිව තමන්ගේ විරෝධය පළ කරළා තිබෙනවා. ඒ වගේම ඒ අසනීප නිවාඩු වාර්තාකරපු ගුරුවරු රැසක් අද ආණමඩුව උසාවිය ඉදිරිපිටට ඇවිල්ලා තමන්ගේ නිහඬ විරෝධතාවය උසාවිය ඉදිරිපිට පළකලා.

ඒ වගේම ඔවුන් පාගමණිනකින් ආණමඩුව නගරය දක්වා ඇවිල්ලා ආණ්ඩුවේ මේ මැර මන්ත්‍රීට තමන්ගේ විරෝධය පළකරන්න කටයුතු කළා. ඒනිසා අපි ප්‍රකාශ කරනවා මේක එක පැත්තකින් රටපුරා ගුරුවරුන්ගේ විරෝධය නොතකා ගත්තු තීන්දුවක්. අපි මේ මොහොතේ අවධාරණයෙන් කියනවා පොලීසිය සම්පූර්ණයෙන්ම උසාවියට කරුණු වසංකරලා තිබෙන බව.

ඒ වගේම අපිට පොලීසියේ සහකාර පොලිස් අධිකාරීවරයත් ආණමඩුව උප පොලිස් ස්ථානාධිපතිවරයාත් පොරොන්දුවුනා මේ ඇප කොන්දේසි කිසිලෙසකින් හෝ කඩකලොත් ඔවුන්ගේ පැත්තෙන් ඊට ක්‍රියාමාර්ග ගන්නා‍ බවට. ඒ නිසා අපි පොලීසිය ඒලෙස කටයුතු කරයිද අපක්ෂපාතීව කටයුතු කරයිද යන්න ගැන දැඩි අවධානයකින් ඉන්නවා.

ඒ වගේම ඒ ගුරුවරියට හෝ මැර මන්ත්‍රීවරයාගේ ක්‍රියාවට ‍එරෙහිව සාක්ෂිදෙන කිසිවෙකුට හෝ කිසිඳු හෝ කරදරයක් සිදුවුනොත් ඉදිරියේදී ඊට එරෙහිවත් ගුරුසංගම් ඒකාබද්ධව අපි දැඩි වාත්තීය ක්‍රියාමාර්ගවලට අවතීරණයවනවා කියන කාරණය සඳහන් කරනවා."


Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us