Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ප්‍රාථමික පාසැලක ලබාදුන් දිවා ආහාර වේලක් විෂ වීමෙන් දරුවන් 20 දෙනෙකු මියගොස් ඇතැයි එන්.ඩී.ටී.වී. පුවත් සේවය වාර්තා කරයි.

මධ්‍යම බිහාර් හි රජයේ ප්‍රාථමික පාසැලක සිදුවූ මෙම සිද්ධියෙන් තවත් දරුවන් 30 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් රෝහල්ගත කර ඇති බව ද එහි දැක්වේ.

මෙලෙස මියගොස් ඇති ළමුන් බොහෝදෙනාගේ වයස අවුරුදු 10ට වඩා අඩු බවද වාර්තා වේ.
මෙම ආහාර වේල පිසූ කාන්තාව හා ඇගේ දරුවන්ද මියගොස් ඇතැයි එහි වැඩිදුරටත් දැක්වේ.

වී, තිරිඟු වලට යොදන වල්නාශකයක ලකුණු මෙම ආහාර සම්බන්ධව සිදුකෙරුනු මූලික පරීක්ෂණවලින් සොයාගෙන ඇතැයි බිහාර් ප්‍රාන්තයේ අධ්‍යාපන ඇමතිවරයා පවසා ඇත.

ආහාරවේලේ අඩංගු වූ සෝයා අනුභව කළ ළමුන් පමණක් ලෙඩ වූ බව ඇතැම් වාර්තා වල දැක්වෙන බවත්, විෂ තෙල් වර්ගයක් ආහාර පිසීමට යොදාගෙන ඇතැයි එම ප්‍ර දේශයේ ජනතාව පවසන බවත් එන්.ඩී.ටී.වී. පුවත් සේවය වාර්තා කරයි.

මෙම පාසැලේ විදුහල්පතිවරිය හා ගුරුවරියන්ට එරෙහිව මේ වන විටත් නඩුවක් ගොනු කර ඇති අතර, පාසැලට එරෙහිව නීතිමය පියවර ගන්නා මෙන් ඉල්ලා විරෝධතාවයක නිරත වන කුපිත වූ චාප්රා ප්‍රදේශීය ජනතාව එහි පොලිස් ස්ථානය ද වටකොට ඇති බවත් විදෙස් වාර්තා වල දැක්වේ.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us