Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

වසර 6ට වාහන 101ක් විකුණලා...
විවාහ 3යි-නම් 5ක් භාවිතා කරලා..
සියලු වාහන විකුණුවේ පුවත්පත් දැන්වීම් දමා..

කුලී පදනම මත ලබා ගන්නා වාහන වලට ව්‍යාජ පොත්පත් සකස් කොට අලෙවි කරන ප්‍රධාන සැකකරුවකු රුපියල් කෝටි දහයක් වටිනා නවීන පන්නයේ මෝටර් රථ විස්සක් සමඟ බස්නාහිර පළාත් කොට්ඨාස බුද්ධි අංශය මඟින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.
කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි සැකකරු වසර හයක් තිස්සේ වාහන ජාවාරම සිදුකොට වාහන 101ක් පමණ අලෙවි කොට ඇතැයි ද බස්නාහිර පළාත් කොට්ඨාස බුද්ධි අංශයේ කොළඹ දකුණ ස්ථානාධිපති ලක්ෂ්මන් සිල්වා මහතා පවසයි.
සැකකරු විවාහ තුනක් සිදුකැර ඇති අතර නම් පහකින් හැඳුනුම්පත්, පාස්පෝට් සකස් කොට ඇතැයි ද වාර්තා වෙයි. උපාය දූතයකු යොදවා පෑලියගොඩ ප්‍රදේශයේ දී කොටු කරගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේ දී වාහනවල චැසි අංකය වෙනස් කරන ගරාජ් බාස් කෙනකු කඩවත දී පොලිසිය කොටු කැරගෙන ඇත.

වාහනයක් සොරාගෙන සීදුව, කටුනායක යන ප්‍රදේශවලට ගෙනැවිත් දුන් විට වාහනයේ යතුර සීට්එක යටින් තබා යන ලෙස පවසන සැකකරු ඔහුගේ නියෝජිතයකු හරහා ඒ මොහොතේම රුපියල් ලක්ෂ දෙකක් හෝ තුනක් වාහනය රැගෙන ආ අයට ලබා දෙනු ඇත.

එම වාහනයේ චැසි අංක වෙනස් කොට පොත්පත් හදා ලක්ෂ ගණනකට අලෙවි කරනු ඇතැයි පැවසේ. අනතුරුවලින් ධාවනයෙන් ඉවත් කරන වාහන හා ගරාජ්වල සෑදීමට තිබෙන වාහන රැගෙන විත් පංචිකාවත්තට විකුණා සොරා ගන්නා වාහන එම පොත්පත් වලට සකස් කොට රුපියල් ලක්ෂ ගණන්වලට වසර හයක් තිස්සේ අලෙවි කොට ඇතැයි ද වාර්තාවෙයි.

පුවත්පත් දැන්වීම් දමා වාහන අලෙවි කරන අතර එම වාහන වලට මුල්‍ය සමාගම් වලින් මුදල් ලබාදීමේ පහසුකම් ද සලසා ඇතැයි ද පැවැසෙයි.

සැකකරු සොරාගෙන තිබී සොයාගත් වාහන අතර හයිබ්‍රිඩ්, ඇලියොන්, ටොයෝටා, කෙයාරියෝ සහ වෑන් ලොරි තිබූ බව ලක්ෂ්මන් සිල්වා මහතා පැවැසීය. වාහන සොරාගෙන අලෙවි කිරීමේ ජාවාරම වසර හයක පමණ කාලයක සිට සිදු කැර ඇති අතර දිවයින පුරා පොලිසිවල පැමිණිලි රැසක් තිබෙන බවද පොලිසිය පවසයි.

සිද්ධියට තවත් සැකකරුවන් දසදෙනකු සම්බන්ධ බව අනාවරණය වී ඇත.අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා රැඳවුම් නියෝග මත තබාගෙන ඇත.

බස්නාහිර පළාත් කොට්ඨාස බුද්ධි අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක, නියෝජ්‍ය පොලිස්පති එන්. ගුණවර්ධන, බුද්ධි කොට්ඨාස අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී ටී. ඒ. වී. සේනානායක යන මහත්වරුන්ගේ උපදෙස් හා අධීක්ෂණය යටතේ බුද්ධි කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රසන්න බ්‍රාහ්මනගේ, කොළඹ දකුණ ස්ථානාධිපති ලක්ෂ්මන් සිල්වා, සැරයන් ජයලත්, නිමල්, කොස්තාපල් සංජය උපුල් යන මහත්වරු සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වති.


ඩීඅයිජී - 3008606 3008607
ඡායාරූපය:- සරත් පීරිස්

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us