Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

මේ දිනවල ගොඩාක් ජනප්‍රිය ගීත දෙකක් තමයි රොමේෂ් සුගතපාල විසින් ගායනා කරන දිගු දෑස දුටුවාම ගීතය සහ භාචි සුසාන් ගායනා කරන අවසාන මොහොත මාගේ යන ගීත දෙක. රොමේෂ්ගේ දිගු දෑස කියන ගීතය ලියලා තියෙන්නේ නන්දන වික්‍රමගේ විසින්. රොමේෂ් පවසන්නේ මේ ගීතය ලංකා රේඩියෝ ඉතිහාසයේ ඓතිහාසික ගීතයක් වී ඇති බවයි.Wide Angle ආයතනය විසින් රූප රචනාව කර ඇති මෙහි අකිල සහ ෂෙරිල් රංඟනයෙන් දායක වෙයි. කෙසේ වෙතත් මෙම ගීතයට හොඳ වගේම නරක
ප්‍රතිචාරත් ලැඛෙන බවයි රොමේෂ් පවසන්නේ.

මේ ගිතයට ගොඩාක් ආදරය කළ අයට අවශ්‍ය ගීතය. ගීතය අතරමැද්දෙදි දෙබස් යනකොට ඒ අය කැමති නෑ. වීඩියෝ එකට වඩා ඕඩියෝ එකට තමයි ඒ අය ගොඩාක් කැමති. ඒත් සංගීත ප්‍රසංගවලදි මේ ගීතය ගායනා කොට කට්ටිය කෑ ගසනවා කෝ සංසාරි අකිලට මොකද වුණේ කියලා අහනවා. ඇත්තටම ග්‍රාමීය ප්‍රතිචාරවලදි නම් එහෙම නරක ප්‍රතිචාර ලැබුණේ නෑ. 

මේ අදහස් දක්වමින් රොමේෂ් වැඩිදුරටත් ප්‍රකාශ කළේ මේ වන විට අන්තර්ජාලයේ වැඩිපුරම ඩවුන්ලෝඩ් වන ගීතය මෙය බවයි.

Adnan Sami and Bachi Susan
අවසාන මොහොත හින්දි තනුවක් අනුව
නිර්මාණය කළේ - භාචි සුසාන්

අවසාන මොහොත මාගේ
         පෝරකය දෑස මානේ......
    නිතර ඇසෙන මේ ගිතය ගැන භාචි සුසාන් පවසන්නේ මේ ගීතය අවුරුදු හයකටත් කලින් නිර්මාණය වූ එකක් බවයි. 

මේ ගීතය ගැන සෑහීමකට පත්වෙන්න නොහැකි වූ නිසා ළඟ තබාගෙන හිටියා. ඔය අතරේ මිතුරෙකුට අහන්න දුන්නා. එයා තව මිතුරෙකුට දීලා. ඒ විදියට අතින් අතට ගිහින් ජනප්‍රිය ගීතයක් වුණා. බොහෝ අයගේ ජංගම දුරකතනවලට එකතු වුණා. සමහරු ගීතය පරිගණකයට දැම්මා. අන්තර්ජාලය හරහා ගොඩාක් අය මේ ගීතය වැළඳ ගනිද්දී රියැලිටි සංගීත තරඟවලට  සමහරු මගේ ගීතය ගායනා කළා. ඔය අතර සමහරු මේ ගීතයට විෂුවල් හදලා අන්තර්ජාලයට දාලා තියෙන හැටි මම දැක්කා. ඉතින් මට හිතුණා මගේ ගීතය මාධ්‍යට දෙන්න. මගේ යාලුවෙක්ගේ යෝජනාවක් අනුව මෙහි රූප රචනයටත් මම සහභාගී වුණා. 

මේ ගීතය ලියලා තියෙන්නෙත් භාචි විසින්මය. මෙසේ ඔහු විසින් රචනා කරගෙන ලඟ තබාගෙන සිටින ගීත 250ක් පමණ ඇති බවයි ඔහු සඳහන් කරන්නේ. 
 භාචි සුසාන්ගේ අවසන් මොහොත මාගේ ගීතයට පාදක වූ හින්දි ගීතය පහතින්




අවසන් මොහොත මාගේ ගීතය



දිගු දෑස දුටුවාම ගීතය

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us