දක්ෂිණ අධිවේගයේ ගාස්තු රු 400 සිට 2000 දක්වා
ලබන නොවැම්බර් 27 වෙනිදා විවෘත කිරීමට නියමිත දක්ෂිණ අධිවේගී මාර්ගයේ විස්තර හා ගාස්තු පිළිබඳ සටහනකි මේ
මාර්ගයේ නම- එක්ස්ප්රස් 1 (ඊ 1)
ආවරණය- කොට්ටාවේ සිට ගාල්ල
කොට්ටාවේ සිට ගාල්ලට යාමට කාලය- මිනිත්තු 50 ක්-60 ක් පමණ
දිග - කිලෝ මීටර 95 මං තීරු ගණන -4
ඉදිකිරීමට වියදම - රුපියල් බිලියන 70
උපරිම වේගය - පැයට කිලෝ මීටර 100
අවම වේගය - මාස 6 කට පසු පනවනු ඇත
අවසර නැති වාහන- ත්රී රෝද යතුරුපැදි පාපැදි හා ට්රැක්ටර්
(මාස 6ක් යනතුරු ප්රවාහන බස් රථ සඳහා අවසර නැත)
පූර්ව ආගමික කටයුතු - නොවැම්බර් 18 (ජනපතිගේ උපන්දිනය දා)
මහජන නැරඹුම් දින - නොවැම්බර් 19-20
විවෘත කිරීම - නොවැම්බර් 27
විවෘත කිරීමේ උත්සවය - කරන්දෙණියේදී ජනපති ප්රධානත්වයෙන්
ගාස්තු
කොට්ටාවේ සිට ගාල්ලට සම්පූර්ණ දුර යන්නේ නම්
කාර් - කැබ් - වෑන්(ආසන 9 දක්වා) - ලොරි (ඇක්සල් 2 හා රෝද 4) - ට්රක්
ගාස්තුව රුපියල් 400/-
ආසන 9 -22 අතර වෑන්-බස්රථ
ගාස්තුව රුපියල් 700/-
ආසන 22ට වැඩි බස් රථ -රෝද 6 හෝ ඇක්සල් 3 ලොරි
ගාස්තුව රුපියල් 1500/-
ඈඳූ මෝටර් කෝච් බස් හා ඇක්සල් 4 ලොරි
ගාස්තුව රුපියල් 2000/-
(කෙටි දුරවල් අනුව මෙම ගාස්තු අඩු කෙරෙයි)
දඩ ගාස්තු - අනවසර ඇතුළුවන්නන් සඳහා දඩය රු 5000/-
මාර්ග සිතියම

ඡායාරූප එකතුව බලන්න මෙතැනින්





