Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතන සිද්ධියේ සැකකරුවෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා නම්කිරීමට නියෝග කළ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ද රහස් පොලිසිය වෙත නියෝග කර තිබේ.අදාළ පැමිණිල්ල අද(15) කැඳවූ අවස්ථාවේ දී මියගිය භාරත ලක්ෂ්මන් මහතාගේ අයිතිවාසිකම්
වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ හිරන්ත වලලියද්ද මහතා කරන ලද ඉල්ලීමකට අනුව මෙම නියෝගය නිකුත් කර ඇත.මෙම නඩුවේ සැකකරුවෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා නම් කළ යුතු බව ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.එවිට එම ඉල්ලීමට රහස් පොලිසිය විරෝධය පළ කළ අතර දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා සැකකරුවෙකු ලෙස නම්කිරීමට ප්‍රමාණවත් කරුණු නොමැති බව කියා සිටියේය.මෙය පිළිගත නොහැකි බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා වාහනයෙන් බැස භාරත ලක්ෂ්මන් මන්ත්‍රීවරයාට වෙඩි තැබූ බවට ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී තිබෙන බව සඳහන් කළේය.එවැනි ප්‍රබල සාක්ෂියක් ඉදිරිපත්ව තිබියදී දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා සැකකරුවෙකු ලෙස නම් නොකරන්නේ නම් ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාව උදහසට ලක්වනු ඇතැයි ඔහු පෙන්වා දුන්නේය.ඉදිරිපත් වූ කරුණු දීර්ඝ ලෙස සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ද අල්විස් මහතා දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා සැකකරුවෙකු ලෙස නම් කිරීමට නියෝග කළ අතර ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබේ.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us