Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

 ප‍්‍රවීන සිනමා නළු ජැක්සන් ඇන්තනිගේ වැඩිමහල් පුතු වන අකිල ධනුද්දර හා සම්බන්ධයක් නැතැයි ‘අමා’ ටෙලි නාට්‍යයේ චරිතමවන ෂෙරිල් රොමේන් ඩෙකර් කියයි.ඇය පවසන්නේ ධනුද්දර හා ගීතයක රූපරචනයට එක්වීම හැර වෙනත් සම්බන්ධයක් නොමැති බවයි.තමා තවමත් ආදරය පිළිබඳ සිතා නොමැති බවද පවසන ෂෙරිල් වයස අවුරුදු 25 ක් පමණ වන විට විවාහය ගැන තීරණයක් ගන්නා බව පවසා තිබේ.සතිඅන්ත පුවත්පතකට සම්මුඛ සාකච්ඡුාවක් ලබාදෙමින් ෂෙරිල් මේ බව පවසා තිබිණි.වසර 2006 දී ස්වාධීන රූපවාහිනී අවුරුදු කුමරිය තරගයේ දෙවැනි තැන හිමිකර පත් ෂෙරිල් ඉන්පසුව සිරස ඩාන්සින් ස්ටාර් වැඩසටහනට දායක වූවාය.

ඇයගේ මුල්ම සිනමා රංගනය සටහන්වූයේ බෙනට් රත්නායකගේ ‘ඉරහඳ යට’ චිත‍්‍රපටයෙනි.කොලොන්නාව ශාන්ත ජෝෂප් බාලිකාවෙන් පාසල් අධ්‍යාපනය ලද ෂෙරිල් කුලසිරි බුදවත්ත රංගායතනයෙන් නර්තනය පිළිබඳ හදාරා තිබේ.මේ වන විට විසිදෙහැවිරිදි වියේ පසුවන ඇයට සහෝදරියක් ද සිටී.ෂෙරිල් හා ධනුද්දර එක්ව රංගනයෙන් දායකවූයේ රෝමේෂ් සුගතපාලගේ ‘දිගුදෑස දුටුවාම’ ගීතයේ රූප රචනය සඳහාය.එය වයිඩ් ඈන්ගල් ආයතනය විසින් නිෂ්පාදනය කරනු ලැබීය.

ධනුද්දර මෝස්තර නිරූපිකාවක් වන නිලූක්ෂි අමන්දා හෙවත් ඒමි සිල්වා සමග සම්බන්ධයක් ඇතැයි ද මීට පෙර මාධ්‍ය අනාවරණය කර තිබිණි.ඒමි 2009 වසරේදී දෙරණ වීට් මිස් ශී‍්‍ර ලංකා තරගයේ තරගකාරියක් ලෙස ද තරග කල තැනැත්තියක් වන අතර ඇය එම තරගයේ අවසන් පස්දෙනා අතරට ද පැමිණීමට සමත්වූවාය.එහිදී ඒමි මිස් නැෂනල් කොස්ටියුම් කිරුළු පැළැඳීමට සමත්වූවාය.එසේම වසර 2010 හොඳම මෝස්තර නිරූපිකාව ලෙස ද කිරුළු පැළැඳීමට ඇය සමත් වූවාය.ඇය 2010 වසරේ ස්පාඤ්ඤයේ පැවැති ජගත් නිරූපන ශිල්පිනිය හා ශිල්පියා  තේරීමේ තරගය සඳහා ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් එක්විය.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us