Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

පැපරාසි නිවුස් ලංකා - ‘පැපරාසි නිවුස්’ වෙබ් අඩවිය තහනම් කොට ඇති කාරණාව පිළිබඳව අප වාර්තාකරුවන් විදුලි සංදේශ නියාමන කොමිෂමෙන් කළ සොයා බැලීමකදී හෙළිදරව් වූයේ එම තහනම සඳහා ආසන්නම හේතුව වී ඇත්තේ සුප‍්‍රකට සිනමා සහ ටෙලි නිලි දමිතා අබේරත්න නොහොත් ‘සාදු දමිතා’ (අප ඇයට ‘සාදු’ යැයි කියන්නේ ‘හොඳ’ යැයි කියන අරුතින් මිස වෙනත් අරුතකින් නොවන බව කරුණාවෙන් සලකන්න.) ප‍්‍රවෘත්ති හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ගොන්ගල මහතාට යොමු කරන ලද අපට එරෙහි එන්තරවාසියක පිටපතක් නිසා බව තහවුරු වෙමින් පවතී.


අපගේ ලිපිනයට හෝ අවම වශයෙන් විද්‍යුත් තැපෑලට මේ දක්වා කිසිදු අයෙකුගෙන් මොනයම් හෝ එන්තරවාසියක් ලැබී නොමැත. අපගේ නම නොකියමින් ‘සාදු දමිතා’ ඇය සම්බන්ධව අන්තර්ජාලයේ පළ වූ අසත්‍ය ප‍්‍රවෘත්තියකට එරෙහිව නඩු පවරන බව විද්‍යුත් නාලිකා කිහිපයකට සහ ප‍්‍රවෘත්ති පත‍්‍ර කිහිපයකට ලබා දුන් සම්මුඛ සාකච්ඡා අපද දුටුවෙමු.

නමුත් මේ දක්වා අපට ඒ සඳහා ප‍්‍රතිචාර දැක්වීමට නොහැකි වී ඇත්තේ ඇය අපගේ නම සඳහන් නොකිරීමත්, අපට එරෙහිව නඩු පවරන බව දක්වා කිසිදු එන්තරවාසියක් අප වෙත යොමු නොකිරීමත් නිසාය. නමුදු ඇය විසින් කරන ලද අනිසි බලපෑම් නිසා අප විසින් ‘පැපරාසි’ දැන්වීම ප‍්‍රචාරය කරන ලද වෙබ් අඩවි දෙකක්, කිසිදු දැනුම්දීමකින් තොරව සහ අය කරන ලද මුදල් පවා ආපසු ගෙවීමකින් තොරව ‘පැපරාසි’ ප‍්‍රචාරක දැන්වීම ඉවත් කිරීමට කටයුතු කර තිබිණ.

මෙම වෙබ් අඩවි දෙකට ‘සාදු දමිතා’ අනිසි බලපෑම් කළ ආකාරය පිළිබඳව අප කරුණු එක්රැස් කරමින් සිටින අතර, එයින් හෙළි වන කරුණු මත අදාළ වෙබ් අඩවි දෙකටත්, ‘සාදු දමිතාටත්’ එරෙහිව ගන්නා කි‍්‍රයාමාර්ගය අප විසින් ඉදිරියේදී තීරණය කරන්නෙමු.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us