Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

පැපරාසි නිවුස් ලංකා - පසුගිය පස්වන සෙනසුරාදා සිට ‘පැපරාසියා’ ඇතුළු තවත් වෙබ් අඩවි කිහිපයක් ශ‍්‍රී ලංකාව තුළ අවහිර කිරීම තනිකරම ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.බී. ගනේගල මහතාගේ ‘ගොන් පාට්’ එකක් බව ප‍්‍රවෘත්ති අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂක ජනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතා එම අමාත්‍යාංශයේ තම හිතවත් සේවකයන් කිපදෙනෙකු අමතා ප‍්‍රකාශ කළ බව ‘පැපරාසියා’ට වාර්තාවේ.

මේ පිළිබඳව නිකුත් කළ ප‍්‍රවෘත්ති නිවේදනය පවා අත්සන් කිරීමට කොන්දක් ගනේගල මහතාට නොමැති බවත්, අවසානයේ තමාට එම පව කර ගැසීමට සිදු වූ බවත්, මේ පිළිබඳ තමා හෝ විදුලි සංදේශන නියාමන කොමිසමේ අධ්‍යක්‍ෂක ජනරාල් අනුෂ පැල්පිට හෝ රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්‍ෂක වසන්තප‍්‍රිය රාමනායක නොදන්නා බවත්, අවසානයේ මේ ගොන් පාට් සියල්ලම බැර වන්නේ ජනාධිපතිතුමාගේ ගිණුමට බවත් මහාචාර්ය ඇතුගල වැඩිදුරටත් පවසා තිබේ.

මෙතරම් කාලයක් චන්ද්‍රිකාට ගොට්ට අල්ලමින් සිටි ගනේගල, මෙසේ ජනාධිපතිතුමාගෙන් ලකුණු දමා ගැනීමට සැරසෙන්නේ ඔහුගේ සර්විස් එක්ස්ටෙන්ෂන් එක (සේවා දිගුව)  ලබා ගැනීමට බවත්, නමුත් තමාත් අනූෂත් වසන්තත් ඒකට එක හෙළා විරුද්ධ බවත්, ගනේගල සිදු කළ හොරකම් ෆයිල් පිටින් ජනාධිපතිවරයාට යොමු කරන බවත් ප‍්‍රවෘත්ති අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂක ජනරාල් ආරියරත්න ඇතුගල මහතා දැඩි ආවේගයෙන් යුතුව පවසා ඇත.

ගනේගලගේ ගසා කෑම් පිළිබඳව වැඩි විස්තර ළඟදීම බලාපොරොත්තු වන්න.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us