Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

පැපරාසි නිවුස් ලංකා - ‘‘මේ පර වෙබ් සයිඞ් කාරයෝ (මොහු පවසන්නේ මේ ආකාරයටය) දාන්නෙ බොරුමයි. අපේ ඇමතිතුමා සල්ලි ගනින මැෂින් පහක් ගෙනාවා කියන්නේ අමූලික බොරු. ගෙනාවේ තුනයි. එකක් වෙළෙඳ සංගමේට. අනික දේවාලෙට. අනිත් එක ගෙදරට. දාන එක හරියට දාපල්ලකො...’’ පසුගියදා පදමට සූර් වී මෙසේ මිතුරන්ට පවසා ඇත්තේ මහජන සම්බන්ධතා අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වාගේ ප‍්‍රධානම චක් ගෝලයා වන ‘කළු රංජා’ නොහොත් රංජන් සිල්වාය.


‘‘දැන් ඇමතිතුමා මාව ගණන් ගන්නෙ නෑ. මට තැනකට ගිහිල්ලා ඉන්න දන්නෑලූ. කන්ඩ බොන්ඩ ගියාම ඇගේ හලා ගන්නවාලූ. ඉස්සර නම් ඔහොම නෑ.  ඕන එහෙකට රංජ තමයි. දැන් අමලයව ලොකු වෙලා. හරි හරි ඔහොම යංකො... ඔහොම යංකො....’’ යනුවෙන් කඳුළු සලමින් ‘කළු රංජා’ මිතුරන් හා පවසා තිබේ.

‘‘අම්මට හුඩු.... මගෙ ළඟ තියන නිවුස් වෙබ් සයිඞ්වලට දුන්නොත් ඇමතිය ගස්. ගෙදර ට‍්‍රන්ක පෙට්ටි පුරෝල සල්ලි තියෙන්නෙ. මේ ළඟදි ඩොලර් වගයක් මාරු කරන්න බලන කොට ඒ සල්ලි පුස් කාලා. ඇමතියගෙ මාර මර්ෂියක් තියෙන්නෙ. මෑන්ට බෑන්ක් එකවුන්ට් දෙකක් තියෙනවා. එකක් පාර්ලිමේන්තුවේ ලංකා බැංකුවේ. අනික බොරැල්ලෙ සම්පත් බැංකුවෙ. ඔය එකකවත් රුපියල් ලක්‍ෂයක්වත් නෑ. සේරම තියෙන්නේ ගෙදර ට‍්‍රන්ක පෙට්ටිවල. ඒකට තමයි සල්ලි ගනින මැෂිමක් ගෙදරට ගෙනාවෙ....’’

‘‘පාර්ක් රෝඞ් එකේ ගේ තට්ටු පහට හදන්ඩ බොරුවට උගස් බැංකුවෙන් ලෝන් එකක් ගත්තා. ඒ ලෝන් එක වගේ දහ ගුණයක් සල්ලි ගේ අස්සෙ තියෙනවා. ඇමතියා හැම එකාවම මාර ඇන්දිල්ලක් අන්දන්නෙ. ජනාධිපතිත් මෑන්ගෙ ලණු ගිලිනවා. ටෙලිෆෝන් එකෙන් කතා කරන්නෙ ‘මහ රජතුමා’ කියලා. ජනාධිපතිතුමා ඒවට හරි කැමතියි. අපි ළඟදි මාලක බේබිගෙ මනමාලි බලන්න ඉරානෙට නෑදෑගම් යනවා. ගිහිල්ල ඇවිල්ල දෙන්නම් විස්තරේ......’’ යනුවෙන් පවසා ඇති ‘කළු රංජාගේ’ එම විස්තරය ලද සැනින් පළ කිරීමට ‘පැපරාසියා’ බලාපොරොත්තු වේ.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us