ශ්රි ලංකාවට ආසන්න මුහුදු තීරයේ මීට ටික වේලාවකට පෙර භූ චලනයක් සිදුව තිබේ.
භූ විද්යා හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපති ආචාර්ය එන්.කේ. විජයානන්ද පැවසුවේ, කොළඹ සිට කිලෝමීටර් 350ක් දුරින් මාලදිවයින් දෙසට වන මුහුදේ මෙම භූ චලනය සිදුව ඇති බවයි.
එහි ප්රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 4.7ක් ලෙස සටහන් වන බව විජයානන්ද මහතා සඳහන් කළේය.
ඔහු පැවසුවේ අද පස්වරු 4.10ට පමණ සිදුවු මෙම භුචලනයේ කම්පනය බලපිටිය ආසන්න ප්රදේශයට දැනී ඇති බවයි.





