Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

විශ‍්‍රාම යන වයසත් ඉක්මවා තිබියදී ජනාධිපතිවරයාගේ හා ආරක්‍ෂක ලේකම්වරයාගේ තල්ලූවෙන් ‘එක්ස්ටෙන්ෂන්’ දෙකක් මත සේවය කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිංස්ලි ඒකනායක මහතාට පසුගියදා මහනුවර සුදුහුම්පොළ ප‍්‍රදේශයේදී සිදු වූ අකරතැබ්බයක් පිළිබඳව ‘පැපරාසියා’ ට වාර්තාවේ.

63 හැවිරිදි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා තම වයසටත් නොහොබිනා ආකාරයට පොලිස් කාන්තා සැරයන්වරියක් හා පවත්වාගෙන යන අයථා සම්බන්ධය හේතුකොට ගෙන මහනුවර සුදුහුම්පොළ පිහිටි ඇගේ නිවසට යෑම පුරුද්දක් කරගෙන සිටින අතර, පොලිස් නිලධාරියෙකු වන ඇගේ සැමියා එවන් අවස්ථාවලදී නියෝජ්‍ය පොලිස්පතිවරයාට සිතු සේ කී‍්‍රඩා කිරීමට ඉඩ හැර ගෙදරින් බැහැර යයි.

පසුගියදා මෙසේ පැමිණි අවස්ථාවකදී නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල රථයට ප‍්‍රදේශවාසීන් විසින් ටයර් හතරටම ඇණ තබා ඇත. මේ බව නොදත් නියෝජ්‍ය පොලිස්පතිවරයා කී‍්‍රඩා කිරීමෙන් අනතුරුව ඇඳපැළඳ ගෙන නිවස කරා යාමට තම රථයට ගොඩ වී යාර කිිහිපයක් යද්දී රෝද හතරේම හුළං ගොස් ඇති බව වැටහී තිබේ.

වහා රථයෙන් එළියට පැමිණි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කෝපයෙන් කෑ ගසමින් මහනුවර රථවාහන අංශයේ නිලධාරීන් එහි ගෙන්වා ගෙන තිබේ. කලබලය විමසීමට පැමිණි ප‍්‍රදේශවාසීන් හට කුණුහරුපයෙන් බැණ එළවා ගෙන ඇති කිංස්ලි ඒකනායක මෙම බලූ වැඬේ කළ එවුන්ට හොඳ පාඩමක් උගන්වන බව කියමින් රථවාහන අංශයේ ජීප් රථයේ නැගී පිටත්ව ගොස් ඇත.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ හොර ඇඹනිය වන මෙම කාන්තා පොලිස් සැරයන්වරිය, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාටත් වඩා බලසම්පන්න බව පවසන මහනුවර ප‍්‍රදේශයේ පොලිස් නිලධාරීන්, ඇය වත්තේගම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරද්දී පඩි ලබන්නේ මහනුවර පොලිස් ස්ථානයෙන් බව පවසති.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us