Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

වයස අවුරුදු 11 දී කීර්ති බණ්‌ඩාරගේ සුදු පරවියෝ ටෙලි නාට්‍යයෙන් රඟපෑමට පැමිණි ඇය රංගන ශිල්පිනියක්‌ ලෙස ක්‍ෂේත්‍රයේ දිග ගමනක්‌ යන්න උත්සාහ කරන යුවතියක්‌. ටෙලි නාට්‍ය රංගනයට පය තැබූ ඇය වයසින් එතරම් මුහුකුරා නොගියත් පසුගිය දිනවල සිනමාවටද එක්‌වුණා කියලා අපට දැනගන්න ලැබුණා. ඇය නමින් සඳනි සුලක්‌ඛනා. මේ දිනවල සඳනි මොනවද කරන්නේ...? නිමල් රත්නායකගේ මලී ටෙලි නාට්‍යයේ රූගත කිරීම් වලට සහභාගි වෙනවා. ඒ වගේම චන්දන
ධර්මප්‍රියගේ සපුමලී ටෙලිනාට්‍යයේ සහ නාලන් මෙන්ඩිස්‌ගේ ඉසුරු සංග්‍රාමය ටෙලිනාට්‍යයේද රූගත කිරීම්වලට දායක වෙලයි ඉන්නේ. තවම මම උසස්‌ පෙළ හදාරන වයසෙ සිටින තරුණියක්‌. 
මම භාරගත්තු නිර්මාණ නිසා මේ අවුරුද්දේ උසස්‌ පෙළ විභාගයට පෙනී සිටින්න බැරිවුණා. ඒ නිසා ලබන අවුරුද්දේ මම උසස්‌ පෙළ විභාගයට පෙනී සිටිනවා.


මේ ළඟකදී රූගත කිරීමේදී පොඩි අකරතැබ්බයක්‌ වෙලා ......ඒක සිදුවුණේ නාලන් මෙන්ඩිස්‌ මහත්තයාගේ ඉසුරු සංග්‍රාමය නාට්‍යයේ රූගත කිරීමක්‌ සිදුකරද්දී. එක දර්ශනයක්‌ තිබුණා වාහනය නවත්වලා කේන්තියෙන් බැහැලා යන දර්ශනයක්‌. අපි ෂූට්‌ කරපු ගෙදර කණු තුනක්‌ මැද්දෙන් කන්දකට තමයි වාහනය ගන්න තිබුණේ. එතැන ඉස්‌සරහ තිබෙනවා පොකුණක්‌. ඒ දර්ශනය තුන් පාරක්‌ විතර රූගත කළා. අවසාන රූගත කිරීම කරන කොට මම කැමරාව දිහා බලාගෙන ආපු නිසා කණුවකුත් කඩාගෙන කාර් එක පොකුණට වැටුණා. ඇත්තටම ඒකනම් ජීවිතේටවත් අමතක නොවන සිදුවීමක්‌. දැන් කට්‌ටිය මට කාඩ් එකක්‌ ගහලා ඒ ගෙදර පොකුණ දැක්‌කහම මට ඩයලොග් අමතක වෙනවා කියලා. 



Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us